"උබ දැන් කීයේ ඉදන්ද කියපන්කෝ ග්රවුන්ඩ් එක දිහා ඔය බලන් ඉන්නේ ආ යසියා කෑල්ලක් වත් බැහැලද ග්රවුන්ඩ් එකට "
"පලයන් මනු යන්න එහෙම එකක් නෑ "
යසිරු මෙච්චර වෙලාම කොනකට වෙන්න හිටගෙන බිම බලාගෙන සීනියර්ස්ලා කියන දේ අහගෙන ඉන්න මෙතුල දිහා බලාගෙන හිටියේ සූදානම් ශරීරයෙන්
පොරගේ හැටියට අද තියෙන රස්නේ දරාගන්න බැරුව ඊලග පාර පොර ඉදි බිම පතබෑවිලා
"ඒ පසනා මූට මක් වෙලාද බන් "
කොන්ඩේ ඉන ගාවට විතර වෙනකං දිග ලස්සන නමුත් කට හැකර කෙල්ලෙක් උන මනුශි යසිරුගේ එහා පැත්තේ ඉන්න පසන්ගේ මූනට එබුනේ යසිරුගෙන් ප්රතිචාරයක් නැති තැන
යසිරුගේ මිත්ර සමාජේ හුරතලි තමා මනුශි පොඩ්ඩක් කට හැකර වුනාට මොකද සීදේවී කෙල්ල ...
"උබට පේනවද අර ඈත කලු ජැකට් එකක් ඇදගෙන ඔලුවට උඩින් අත් තියාගෙන ඉන්න කෙනාව "
"අම්මට බොල පොරගේ ඇගිලි තුඩක් වත් පේන්න නෑ කවුද බන් ඒ ගෑල්ලමයෙක්ද පොඩි නිසා පේන්නෙත් නෑ හූඩියකින් ඔලුවත් කවර් කරලා ......ආව්ව් පගෝ ගහන්නේ මොකද ?"
මනුශි ඇස් හීනි කරලා තමන්ගේ ඔලුවට ගහපු පසන්ගේ කකුල පෑගුවේ රවාගෙන
"කට වහපන් බන් කරච්චලේ වගේ ඒ යසියගේ මල්ලි.... ජුන්නෙක් ඌ... මූ ඌ දිහා බලන් ඉන්නේ ඔය "
"අඩේ අඩ්ඩා චූටි පැටියා අනේ ඕයි මම ෆොටෝ එකකින් විතරයි එයාව දැකලා තිබ්බේ අඩෝ යන්කෝ යසියා බලන්න මම ඒත් කල්පනා කරා කෙල්ලෙක් වෙන්න බෑ කියලා මොකද මූ අර වෙට්ට පාසි දිහා විතරනේ ඇහැක් හරි ඇරලා බැලුවේ "
"කට වහන් ඉදපන් මනු"
"ඔව් ඔව් හරීයට රිදෙනවා වගේ මලෙන් උපන් සමනලීට මොනවා හරි කියනකොට තුහ් නෙදකින් ඒකිනම් වරෙන් පසනා මූට එපානම් අපි වත් ගිහින් අර පොඩි එකාව පොඩ්ඩක් බලලා එමු "
මනුශි පසන්ගේ අතිනුත් ඇදගෙන වගේ ක්ලාස් එකෙන් එලියට ගියේ යසිරුත් නැගිටලා සාක්කු දෙකට අත් දෙක දාගෙන පහලට බහිද්දි
YOU ARE READING
𝗪𝗵𝗶𝘁𝗲 𝗟𝗶𝗹𝘆 ❄️🤍 (𝙽𝙾𝙽-𝙵𝙸𝙲) ᵒⁿᵍᵒⁱⁿ
Non-Fictionඑන්න අපි යමු සුදු පාට ලෝකයකට ඒකත් සුදු පාටට වෛර කරන සුදු සුරදූතයෙක්ගේ ඇස් වලින්ම 🤍 𝘉𝘠 𝘈𝘒𝘌𝘚𝘏𝘐 𝘙𝘈𝘛𝘏𝘕𝘈𝘠𝘈𝘒𝘈 𓆉︎