"යසිරු අයියේහ්හ්හ් "
ට්‍රේනින් එකෙන් හෙම්බත් වෙලා ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම බිම වැටිලා ඉන්නකොට ග්‍රවුන්ඩ් එකේම මැද ඉදගෙන හිටිය ඒශ් ග්‍රවුන්ඩ් එකට එන යසිරුට අත වැනුවේ යසිරුත් පොඩි හිනාවක් දීලා පැවිලියන් එක ගාවට ඇවිල්ලා ඩේව්ව නොදැක්කා වගේ හිට ගනිද්දි
ඔෆිස් ට්‍රවුසර් එකට සුදු අත් දිග ශර්ට් එකක් ඇදලා අත් දෙක නවලා ශර්ට් එක පැත්තකින් දැන්නම් උඩ දාගෙන කොල්ලා පට්ටම හැන්ඩ්සම් .....
විශ්වාස කරන්න අමාරුම දේ තමයි යසිරුගේ මල්ලි බිම්මලක් වෙලා යසිරු පොල් ගහක් උනේ කොහොමද කියන කාරණය ..... ඇත්තමයි පුදුම උසක් ඒක !!
යසිරු ඒශාන්ට හිනාවක් දීලා වට පිටට ඇස් යැව්වේ හොයන කෙනා පැවිලියන් එකේ ඉන්නවා එක පාරට නොපෙනුන නිසා
ඒත් ග්‍රවුන්ඩ් එකෙත් මෙතුල නැති තැන යසිරුගේ ඇස් හීනී උනේ යසිරු ආයෙම ඒශ් දිහා බලද්දි
"එයා පැවිලියන් එකේ අයියෝහ් ... "
පැවිලියන් එක දිහාවට බැල්මක් දාලා බෑග් ටිකයි ඩේව්යි ඇරෙන්න බල්ලෙක් වත් මුලින් නොපෙනුන පාර ආයෙම යසිරු ඒශාන්ට බැල්මක් දුන්නේ ඒශාන් නම් කට අතින් වහගෙන හිනා වෙද්දි
ඩේව් එක පාරක් ඇස් උස්සලා යසිරුට බැල්මක් දීලා ඒ ගැන්මෙන්ම ඒශ්ටත් බැල්මක් දීලා එයාගේ වැඩේ කන්ටිනිව් කරගෙන ගියේ එයාට වැඩක් නැති නිසා ඒ දෙන්නගේ කතාව
"ඇයි අයියේ ඔය පර්වතයක් වගේ ඉන්න මිනිහාගේ පිටිපස්සේ ශීට් එකේ ඉන්නේ ... ගිහින් බලන්නකෝ වදේ "
යසිරු ඩේව් දිහා නොබලම පැවිලියන් එක මැදින් ගිහින් කණුව බදාගෙන ඉන්න මෙතුලට බැල්මක් දීලා ටිකක් දුරකට වෙන්න පරතරයක් තියාගෙන ඉදගත්තේ ෆෝන් එක අතට ගන්න ගමන්
පුදුමයි ඩේව් වැඩ නිසාමද කොහෙද පාඩුවේ ඉන්නවා .... මෙතුලත් නිදි නිසා ගෙදර යන්න ලෑස්ති පිට ආවත් යසිරුත් ෆෝන් එක ඔබ ඔබ ඉදගෙන ඉන්නවා
තත්වේ සාමකාමියි කොලේජ් එකේ ගෙවුන අවුරුදු දෙකහමාරටම මෙහෙම සාමකාමී තත්වයක් උද්ගත වෙලාම තිබ්බේ නෑ

YOU ARE READING
𝗪𝗵𝗶𝘁𝗲 𝗟𝗶𝗹𝘆 ❄️🤍 (𝙽𝙾𝙽-𝙵𝙸𝙲) ᵒⁿᵍᵒⁱⁿᵍ
Kurgu Olmayanඑන්න අපි යමු සුදු පාට ලෝකයකට ඒකත් සුදු පාටට වෛර කරන සුදු සුරදූතයෙක්ගේ ඇස් වලින්ම 🤍 𝘉𝘠 𝘈𝘒𝘌𝘚𝘏𝘐 𝘙𝘈𝘛𝘏𝘕𝘈𝘠𝘈𝘒𝘈 𓆉︎