"ළමයි කන්න එන්න දැන් කීයද බලන්නකෝ අනේ වෙලාව "
මං හිතන්නේ ඔය හතර වෙනි අනතුරු ඇඟවීම ඊළඟට ළමයි තුන් දෙනා කෙසේ වෙතත් කානුවෙන් ඇහින්දා යන විරුධාවලිය ලත් දවසේ ගුරුවයාට නම් ගුටි කන්න වෙනවා අම්මගෙන් ආයේ කතා දෙකක් නෑ
ඉතින් කොල්ලා අපහැදිලි අකුරෙන් ගහපු ශෝට් නෝට් එක මේසේ මැදින් තියලා බෙල්ල හතර අතට කැරකෙව්වේ එයා පොඩි බ්‍රේක් එකක් ගන්නවා කියන්න වගේ
ඊටත් ඒශානුයි මෙතුලයි ඉන්නේ යන්න දෙන්නේ කීයටද වගේ මූන හදාගෙන මේ වෙනකොට විසි තිස් වතාවක් ඒශාන්නම් යසිරුගෙන් ටොකු කාලා තිබ්බා කට තියාගෙන ඉන්න බැරි කමට
අනික් අතට මෙතුලත් පාරවල් දෙක තුනක් කාගෙන උනත් මිස් කියලා දුන්නට වඩා අයියා කියලා දීපුවා තේරුන එකේ සතුටට ඇස් දෙක කරකව කරකව හිටියේ රටක් රාජ්‍යක් ලැබුනා වගේ සතුටින්
අපදාවක් සිදු නොවුනේ හරියට බැලින්නම් සොෆීට විතරයි ඒකත් එක්ස්කියුස් එකක් වශයෙන් නමට ගෑනු ලමයෙක්නේ
මොනා උනත් පව්නේ !!
"කන්න යන්න "
ඉතින් යසිරුගේ කටින් නම් පැන්නේ ඒ වචන දෙක විතරයි එයා එහෙන්මම පුටුවකින් වාඩි වෙලා ෆෝන් එක කනේ ගහ ගත්තේ පොඩි උන් තුන් දෙනා කෑම කාමරයට යනකන් කියලා හිතාගෙන උනාට කන්න යන්න කියනකොට එතනින් වාශ්ප වෙලා ගියේ කොල්ලෝ දෙන්නා විතරයි
උදේ පාන්දර උන සිදුවීමට පිං සිද්ධ වෙන්න සොෆීට විතරක් නෙමේ කොල්ලට ඒශ්ටයි මෙතුලටයිත් මූන දෙන්න බෑ වගේ හැගීමක්ලුනේ ඔය ඇවිල්ලා තියෙන්නේ
ඊටත් වගකීම් සහගත වැඩිහිටියෙක් විදිහට ඒ වගේ වැඩක් කරා කියලා මොකෙක් හරි දැනගත්තානම් රෙදි ටික ගලවලා පැත්තක තියලා තමා පුතේ පාරේ බැහැලා යන්න වෙන්නේ
ඔය අතර ෆෝන් එකට ඔලුව ඔබන් හෙනම අධි රංගනයක යෙදිලා හිටිය යසිරු තුන් දෙනාම පහලට ගියා කියලා හිතලා ෆෝන් එකෙන් ඇස් අරන් වටයක් කැරකෙව්වේ අන්තිමට බැලුවේ අපරාදේ කියලා හිතෙද්දි
"මගේ ෆෝන් එක දෙනවා "
සොෆි මන් හිතන්නේ දැන් විනාඩි පහකට වැඩියෙන් ෆෝන් එක ඇතුලේ ගිලිලා කිමිදිලා ගොඩ එන්න බැරුව වගේ රහපාන යසිරු දිහා සාක්කුවටත් අත් දෙක දාගෙන බලාගෙන හිටියේ කීයට හරි ෆෝන් එකෙන් එලියට එයිනේ උබ කියලා කටින් නොකිය බලන් ඉන්නවා වගේ බැල්මක් දාගෙනම වගේ
YOU ARE READING
𝗪𝗵𝗶𝘁𝗲 𝗟𝗶𝗹𝘆 ❄️🤍 (𝙽𝙾𝙽-𝙵𝙸𝙲) ᵒⁿᵍᵒⁱⁿ
Non-Fictionඑන්න අපි යමු සුදු පාට ලෝකයකට ඒකත් සුදු පාටට වෛර කරන සුදු සුරදූතයෙක්ගේ ඇස් වලින්ම 🤍 𝘉𝘠 𝘈𝘒𝘌𝘚𝘏𝘐 𝘙𝘈𝘛𝘏𝘕𝘈𝘠𝘈𝘒𝘈 𓆉︎