"ඇයි මේ ගෑනු මනුස්සයට මීට වැඩිය හොදට මේ ලබ්බවල් කියලා දෙන්න බැරි .... "
දැන් පැයක තිස්සේ ලෙක්චරර් එකම ස්ලයිඩ් එකක් අල්ලන් දෙඩෙව්වත් මෙලෝ මල දානයක් හිටිය එකෙක්ට වත් තේරුනා කියලා නම් පේන්න තිබ්බේ නෑ
මේ විකාරේ අහන් ඉදලා මල පැනපු සොෆි අතේ තිබ්බ පැන්සල දෙකට කැඩෙන්නම අතින් තද කර ගත්තේ අහිංසක පැන්සල අර කිව්වත් වගේ දෙකට මැදින්ම කැඩිලා නිවන් යද්දි
බලාගෙන හිටියට මෙලෝ සසරක දෙයක් නොතේරුන ඒශුත් ඔලුව එයාගේ ටේබල් එක උඩ තියාගෙන ඇස් රෝල් කරා .... ඒකාටනම් නිදි මත බේරෙන්නම ඇස් දෙක මෙච්චර වෙලා ඇරන් හිටියා නෙමේ ඇස් දෙක ඇරගෙනම නිදාගත්තා වගේ වැඩක් පොර කරේ
කියන දේ නොතේරුනාට මොකද අහන් ඉන්නවා වගේ පෙන්නන එකම වටිනවානේ ඔන්නොහේ කියලා ගැම්මට මෙතුල නම් බලාගෙන හිටියට මොකද පොරටත් මෙලෝ මල දානයක් ආයේ ඉතින් තේරෙනවා කියලා නෙමේ
"මේ බියුටි යසිරු අයියට කියන්නකෝ මේක අපිට කියලා දෙන්න කියලා එයානේ එයාගේ බැච් එකේ බැච් ටොප් "
"ඔ-ඔයාලා ක්-කියන්නකෝ "
"අනේ මෙන්න වැඩක් උබේ අයියට අපි කිව්වා කියලා ඌ අපිට උගන්නයි ඈ ඔයා කියන්නකෝ අනේ බියුටියේ ම්හ්ක් "
"ම්-මම කියලා බ්-බලන්නම්.... එයා බ්-බෑ කියයිද දන්නෑ "
ඒශ්ගේ යෝජනාව උනේ ඒක මේ කොටස කොහෙත්ම තුන් දෙනාට තේරුන්නෑ ඒක සොෆීට තේරුනෙත් නෑ කියන්නේ ඉතින් තේරෙන්නෙම නෑ කියන එක තමා මොකද සාමාන්යෙන් කෙල්ලගේ දැනුම් මට්ටම තිබ්බේ ලෙවල් එකක් උඩින් කොහොමත්
සොෆි එක පාර ඩිග්රි දෙකක් කරන නිසා මේ විශේදි විතරයි තුන් දෙනා එකට ඉන්නේ අනික් ඒවයේ එයා ඉන්නේ බිස්නස් ස්ටඩීස් ලෙක්චර් රූම් වල ICT වලට විතරයි මෙතුලලා එක්ක ඉන්නේ .
"දෙයියනේ මා දකින්නේ ස්වප්නයක්ද අන්න අරයා විනාඩි දෙකකට කලින් ගියා "
හෙනම ඩ්රැමටික් ඇක්සන්ට් එකකින් මිසිස් නිරාශා යන දිහා බලාගෙන මුමුනපු ඒශ් මෙතුලගේ පැත්තට බර වෙලා කර වටේ අත පටල ගත්තේ මෙතුල ඇබරිලා ගිහින් ශේප් එකේ කොල්ලගෙන් ඈත් වෙද්දි
YOU ARE READING
𝗪𝗵𝗶𝘁𝗲 𝗟𝗶𝗹𝘆 ❄️🤍 (𝙽𝙾𝙽-𝙵𝙸𝙲) ᵒⁿᵍᵒⁱⁿ
Non-Fictionඑන්න අපි යමු සුදු පාට ලෝකයකට ඒකත් සුදු පාටට වෛර කරන සුදු සුරදූතයෙක්ගේ ඇස් වලින්ම 🤍 𝘉𝘠 𝘈𝘒𝘌𝘚𝘏𝘐 𝘙𝘈𝘛𝘏𝘕𝘈𝘠𝘈𝘒𝘈 𓆉︎