"මේ මද්යපානේ බීම ජොලිය ගෑනු නොදන්නේ ආ ආහ් ගෑනු නොදන්නේ ... ඩේව් ... මචෝ ... ඩේව්වෝ ... ඕයි ... යකෝ ... මිනිහෝ ... මූට මක් වෙලාද පේශල"
ග්රවුන්ඩ් එකේ සිතිජ තනියම ප්රැක්ටිස් කරවද්දි ඩේව් සික් රූම් එකේ ඉඳන් ආපු හැටියෙම පුටුවක් තියන් දනිස් දෙක උඩින් අත් දෙක තියාගෙන ඔලුව බිමට නවාගෙන හිටියේ දැකපු දේවල් විශ්වාස කරනවද නැද්ද කියලා වත් හිතාගන්න බැරි මනසකින් ...
ඩේව් ඉදගෙන ඉන්නවා දැකපු ඩේව්ගේ ගැන්සියේ කොල්ලෙක් සිංදුවක් කියාගෙනම ඇවිත් ඩේව්ට කතා කරත් ඩේව් නෙමේ හැරිලා වත් බැලුවේ
"ඩේව් ... මචං .... "
පේශල කියන කොල්ලා ඩේව්ගේ උරහිසට තට්ටුවක් දැම්මහම තමා ඩේව් ගැස්සිලා ගිහින් මේ ලෝකෙට ඇවිල්ලා පුරුදු බැල්මම පේශලට දීලා අත් දෙක පපුවට බැදගත්තේ
"මොනාද බොසා කල්පනාව ...මල් පාරක් ගහලා නිදහසේ පීනන ක්රමයක් ගැනද නැත්තං අලුත් පොසිශන් එක්කට බඩුවකට ගහන්නේ කොහොමද කියලද ? "
පේශල එක්ක සින්දුවක් කියාගෙන ආපු අනිල් කොල්ලා චලන ... මිනිහා ටිකක් කටකාරයි කියලා හොද හැටි පේන්න තියෙනවා ඒ කටේ හැටියටම
"මම බඩු ගහන්නෑ "
"ඔව් ඉතින් උබ ගැහුවොත් ගහන්නේ බ්රෑන්ඩ් නිව් අපි ගාවට එනකොට උන් බඩු වෙන එකනේ දුක "
ඩේව්ගේ උත්තරෙන් සෑහීමකට පත් උනා වගේ චලන අත් දෙක විසික් කර කර ඔහේ කියවගෙන ගියේ ඩේව් නැගිටලා ක්ලැප් කරද්දි
"කෙල්ලෝ ටිකව අරන් පලයන් මෙතන වොලිබෝල් ,නෙට් බෝල් ගහන්න පුලුවන් කොල්ලෝ කෙල්ලෝ ටික අර පැත්තට..... ඉන්ඩෝර් ස්පෝට්ස් අම්.... බැඩ්මින්ටන් ,චෙස් වගේ ගහන්න පුලුවන් එවුන් අව්ටර් කොලේජ් ජිම් එකට යන්න ... ඒක නිසා උන් මෙතනින් යන්න ...ක්රිකට්, රගර්, ෆුට්බෝල් ගහන්න පුලුවන් එවුන් අර කොනටත් පලයව් ....උන් ටික ඇරෙන්න අනික් උන් ක්ලාසස් වලට පලයව් .. "
මුලු ග්රවුන්ඩ් එකේම ළමයි තුන්සීයකට වඩා හිටියත් ඩේව්ගේ වචන ඒ හැම කෙනාටම මයික් නැතුවත් ඇහුණා ... ඒක හරි ගාම්බීර අහන් ඉන්න බය හිතෙන කට හඬක් ...
YOU ARE READING
𝗪𝗵𝗶𝘁𝗲 𝗟𝗶𝗹𝘆 ❄️🤍 (𝙽𝙾𝙽-𝙵𝙸𝙲) ᵒⁿᵍᵒⁱⁿ
Non-Fictionඑන්න අපි යමු සුදු පාට ලෝකයකට ඒකත් සුදු පාටට වෛර කරන සුදු සුරදූතයෙක්ගේ ඇස් වලින්ම 🤍 𝘉𝘠 𝘈𝘒𝘌𝘚𝘏𝘐 𝘙𝘈𝘛𝘏𝘕𝘈𝘠𝘈𝘒𝘈 𓆉︎