"ඇයි ඕක අතේ තියන් බලන් ඉන්නේ ? "
"බොන්න බෑ "
ඩේව් අහපු ප්‍රශ්නේට මෙතුල උත්තර දුන්නේ ඔලුව බිමට හරව ගන්න ගමන් පණ්ඩිත් කමට වැනිලා මිල්ක්ශේක් එකයි ස්ට්‍රෝබෙරි එකයි දෙකම ගත්තත් දැන් පොරට බීගන්න බෑ ඒත් එහෙමෙයි කියලා විසික් කරන්නත් දුකයි රොනාල් ආදරෙන් ගෙනත් දීපු නිසා
ඉතින් ස්ට්‍රෝබෙරි එකෙන් බාගයක් බීගත්ත කොල්ලා මිල්ක් ශේක් දෙකම අත් දෙකේ තියාගෙන ඒ දෙක දිහා මාරුවෙන් මාරුවට බල බල ඉන්නකොට තමා ඩේව් මේ ප්‍රශ්නේ ඇහුවෙත්
"අප්පිරියාවෙන් බොන්න එපා ..... කන්න මොනවා හරි ඕනිද ?"
ඉතින් එපාලු ..... මෙතුල ඔලුව වනලා විතරක් මිල්ක් ශේක් දෙක දිහා ආයේ මාරුවෙන් මාරුවට බැලුවේ ඩේව් පාරට අවධානය යොමු කරද්දි .... මොකද ඔහොම නෙමේ ඩේව් දැන් වැදලා කිව්වත් මේ හාදයට එපාම තමයි කෑම බීම කියලා කොල්ලට පොඩි හාදයගේ මුරන්ඩු කමේ හැටියටම තේරිලා වගේ තිබ්බේ දැනටම ......
"හරි ස්ට්‍රෝබෙරි එක රසයිනේ ඔයා ඒක බොන්න වැනිලා එක මට දෙන්න හරිනේ "
ඩේව්ත් ඉතින් මහ දැන මුත්තා වගේ පිලියමක් නම් දුන්නා තමයි දීලා මෙතුලගේ අතේ තිබ්බ වැනිලා මිල්ක් ශේක් එකත් ඉල්ලන් බිව්වා තමයි හැබැයි පොරට පොඩ්ඩක් මෙතුලගේ මූනත් තහඩුව දිහා බැලුවානම් යම් කිසි වරදක් ඇති බව හඳුනා ගන්නත් තිබ්බා හීනියට වගේ
"අයියේ !"
"මොකද හුස්ම ගන්න අමාරුද Ac අඩු කරන්නද ? බඩගිනිද ? "
"නෑ නෑ ම්-මම ඕකෙන් බිව්වනේ "
"ඇහ් .... අහ් කමක් නෑ දැන් ඉතින් බීලා ඉවරනේ "
ඩේව් මිල්ක් ශේක් එක දිහත් බලලා ආයෙම මෙතුල දිහා බලලා පාරට අවධානේ දුන්නේ හිනාව කාගෙන හරියට නිකන් මෙතුල කෑ ගැහුවේ ලෝක විනාශේ උනා වගේ බයකින්නේ තව ඩිංගෙන් මහ පාර මැද බ්රේක් පෑගෙනවත් එක්ක හුස්ම ගන්න බැරුව කෑ ගහනවා කියලා හිතලා
මදැයි එකෙක් එක්ක ආවා තනියට අන්තිමට ඌව නලවන්න උනේ පැත්තක තියාගෙන ....
YOU ARE READING
𝗪𝗵𝗶𝘁𝗲 𝗟𝗶𝗹𝘆 ❄️🤍 (𝙽𝙾𝙽-𝙵𝙸𝙲) ᵒⁿᵍᵒⁱⁿ
Non-Fictionඑන්න අපි යමු සුදු පාට ලෝකයකට ඒකත් සුදු පාටට වෛර කරන සුදු සුරදූතයෙක්ගේ ඇස් වලින්ම 🤍 𝘉𝘠 𝘈𝘒𝘌𝘚𝘏𝘐 𝘙𝘈𝘛𝘏𝘕𝘈𝘠𝘈𝘒𝘈 𓆉︎