ඇහැල

776 31 6
                                    

Gurl's school එකේ කෙල්ලො යටිගිරියෙන් කෑගහන සද්දෙ මට ඇහුනා.
ඇත්තමයි මුන්ටනම් ට්‍රැක් යටිගිරියෙන් කෑගන්නේ.

District match වල finals වලට මම තේරුනේ නිකන් හීනෙන් වගේ.

ඇත්තමයි ඔක්කොටම වඩා එපා වෙන්නෙ මේ කෙල්ලො කෑගහන එක .Attention එක දෙන්නම අමාරුයි.අනිත් අයට වගේ නෙමේ cheer කරන කොට මගෙ Attention එක නැතිවෙනවා.

"ආව් යකෝ " එහා පිලේ එකා ස්මෑශ් කරපු සැරේට shuttle එක මගෙ කකුල් දෙක අස්සෙ.

"ශික් එක ලකුනකින් මිස් වුනා" මම එහෙම හිත හිත audience එක පැත්තට ආවා. එන ගමන් හූවක් මට ඈතින් වගේ ඇහුනා.

මම Audience එක පැත්තට එනකොට මූනෙ දාඩිය පිහිදාගන්න shirt එක ඉස්සුවා.

ඒක දැකපු එක කෙල්ලෙක් හෙන යටිගිරියෙන් කෑගහන්න ගත්තා මහසෝනා ගහලා වගේ.

මම එහෙම්ම ගිහින් මගෙ යාලුවො ලග ඉදගත්තෙ මට කාටවත් මූන දෙන්න බෑ වගේ දැනුනු නිසා.

මගෙ හොදම යාලුවා සුහස්න.මහන්සියට වැනි වැනි ආපු මාව සුහස්න එයා ලගට ඇදලා අරන් එයා ලගින් ඉන්දවගත්තා.

මගෙ ඔලුව ඔහේ සුහස්නගෙ උරහිසට කඩන් වැටුනා.

සුහස්න කියන්නෙ ගොඩක් උස කෙට්ටු කෙනෙක්.මමත් ටිකක් උසයි ඒත් සුහස්න මටත් වඩා උසයි. ඉස්කෝලෙ ගිහින් ඉවර වුනත් හරි තාම ඌ මාත් එක්ක ඉන්නවා.

මොකද අපි දෙන්නම second shy කරා A/l වලට.ඉතින් ඒ යාලුකම දිගටම තිබ්බා.හැබැයි මම දන්නෙ නෑ තව මේ යාලුකම තව කොච්චර කල් තියෙයිද කියලා.මොකද එයා ලබන සතියෙ New Zealand යනවා higher education වලට.

අපේ තාත්තා කැමති මම නිදහස් අද්‍යාපනේ ලබනවට.මොකද එයත් ගිහින් තියෙන්නෙ government university එකකට. ඒක නිසා තාත්තා කැමති නෑ මම පිටරටකට යනවට.

"උඹලා දෙන්නා ගෑනියි මිනිහයි වගේනෙ"අපි දෙන්නා ඉන්න විදිහ දැකලා ඒම කීවෙ ලයාන්.

"ඔව් ඇයි තොට මොකද අපි දෙන්නා ඊයෙ බැන්දෙ.හිතුනොත් අද රෑට යනවා honey moon.නේද සයාශ්?"

සුහස්නගෙ උරහිස උඩ ඔලුව තියාගෙනම මම ඔව් කියන්නා වගේ ඔලුව හෙල්ලුවා.

Stadium එකෙන් නැගිටලා මමයි සුහස්නයි එලියට ගියේ මූන පොඩ්ඩක් හෝදන් එන්න.
සුහස්නගෙ අතේ එල්ලිලා වැනි වැනී මම ගියේ යන තැනක්වත් හිතාගන්න බැරුව වගේ.මොකද මට එවෙලෙ ගොඩක් මහන්සියි.

ඇහැලWhere stories live. Discover now