දුගී මාවත මත
මගීන්
ජීවිතය තබා
ජීවිතය සෙවීමට
ජීවත් වෙයි.
ඒ මැද මල්ශාලාවක්
දමා ගිය
ජීවිත එම්බාම් කරයි.පරවුණු මල්වඩම්
ජීවිතයක් වටා තබයි.
"පරවුණත් සැරසුමක්"
වටින් පිටින් කියයි.කලු තීන්ත මත
සුදු අකුරින් පින්තාරු කළ
හැදුනුමක්
මල්ශාලාවට ඉහළින්
ඇති
පුවරුවේ පෙනෙයිහහ්..............
"බලාපොරොත්තු"
මල්ශාලාවෙ නමයි...........
- නෙතුකැන් (ඇහැල )-
YOU ARE READING
ඇහැල
Fanfictionදේශප්‍රේමීන්ට ආදරේ කරන්න එපා සහෝදරයා . උන්ට හිතක් පපුවක් නෑ උන්ට තියෙන්නෙ මොලයක් විතරයි......... (මෙය උරුමක්කරු වෙනුවෙන් රාවණ බැතිමත් හෙලයේ වංශ ගනණාවක කැපකිරීමකි............)