නවවන දිගහැරුම ............
මම වතුර කෝප්පෙ අතට ගත්තත් වීදුරුව වැටුනෙ මගෙ ශර්ට් එක උඩට.
ඒ එක්කම මම ලොකු ආගාධෙකට වැටෙනවා වගේ දැනුන නිසා මම මහ හයියෙන් කෑගැහුවා.
එකපාරටම මම වැටුනෙ රතු රෙද්දක් උඩට.ඒක අල්ලන් හිටියෙ රතු ලෝගු දාගත්ත මූන වහන් හිටපු 20ක 30ක පිරිසක්.
කවුද කියලා හරියට අදුර ගන්න බැරි වුනත් එතන හිටපු කවුරුහරි ගැඹුරු දෝංකාර දෙන කටහඩකින් කතා කරන්න ගත්තා.
"උඹ ජීවිතෙ විදින්න ප්‍රාර්ථනා කරපු ඒ අත්දැකීම උබ වින්දා.
දැන් උඹ අපි ලගට වරෙන්.
උබට කොහොමත් අයිති ඉරණම මේක.
නැත්නම් උබ ලගම ඉන්න එවුන් එකා එකා බිල්ලට ගන්නවා දැනගනින්.
වයිර කරපන් හැමෝටම..........."මම කෑගහගෙන ඇහැරෙනකොටම මහහෙදර බට්ටා ඔරලෝසුවෙ සද්දෙ මට වේගෙන් ඇහුනා.
කොටින්ම කීවොත් වෙනදටත් වඩා සද්දෙන්.මම කෑගහන්න හැදුවත් කටින් සද්දෙ පිටවෙන්නෙ නැති බව මට තේරුනා.
මට එහාපැත්තෙ සුමුදු හොදටම නිදි.
ඇත්තටම වුනේ මොකක්ද කියලවත් මට හිතාගන්න බෑ .
ඒක හීනයක්ද එහෙම නැත්නම් ඇත්තටම වෙච්චි දෙයක්ද කියලා.ලග තිබ්බ ෆෝන් එක ඔන් කරලා වෙලාව මම වෙලාව බැලුවා.
හරියටම පාන්දර 4යි.
ඈතින් කෑගහන මොණරෙක් නිසා පලාතම මහ මූසල ගතියකින් ගිලිලා තිබ්බා.කුස්සියෙ වලං එහෙට මෙහෙට කරන සද්දෙ ලාවට වගේ ඇහුනෙ කොහොමත් සුදු ආච්චි පාන්දර 3නේ ඉදන් උයන්න පටන් ගන්න නිසා.
මගෙ ශර්ට් එක තාමත් ඇද පල්ලෙ වැටිලා මම ශර්ට් දාගත්තෙ සුමුදුට ඇහැරවලා ඇදුමක් ඇදගන්න කියන ගමන්.
මොකද කවුරුහරි කාමරේට ආවොත් මහ විනාසයක් වෙන නිසා.මම පහලට යන්න ඇදෙන් නැගිටිමකොටම සුමුදි මගෙ අතින් අල්ලගත්තා.
"අයියේ මේ වෙච්ච දේවල් තාවකාලික ද?"
"අනාගතය ගැන මම දන්නෙ නෑ සුමුදු ඒත් වර්තමානයට අනුව ඔව් ඒ විදපු දේ තාවකාලිකයි.
මම ඔයාගෙන් ඉල්ලන්නෙ එක දෙයයි.
මට ලං වෙන්න එපා..........."
YOU ARE READING
ඇහැල
Fanfictionදේශප්රේමීන්ට ආදරේ කරන්න එපා සහෝදරයා . උන්ට හිතක් පපුවක් නෑ උන්ට තියෙන්නෙ මොලයක් විතරයි......... (මෙය උරුමක්කරු වෙනුවෙන් රාවණ බැතිමත් හෙලයේ වංශ ගනණාවක කැපකිරීමකි............)