"අනේ අයියේ අම්මට නයා ගහලා"
අපි හැමෝම එකතු වෙලා සුමුදුගෙ අම්මව වෙද අප්පා ලගට එක්කන් ගියෙ ඩිස්පෙන්සරියට කිලෝමීටර් 2ක් විතර තියෙන නිසා.
කල්ක,කසාය,හදුන් වගේ ගොඩක් සුවදවල් මගෙ නහය වටේ කැරකෙන්න ගත්තා.
මිනිස්සු 10ක් 12ක් විතර වෙද ගෙදර වැඩ කලා.
අපිව දැකපු ඒ මිනිස්සු දුවන් ඇවිත් අපි උස්සන් හිටිය සුමුදුගෙ අම්මව උස්සන් ඇතුලට ගියේ වෙද අප්පට පෙන්නන්න.
ඒත් එතන හිටපු එක මනුස්සයෙක් ????සුමුදුගෙ අම්මව ඇතුලට අරන් ටික වෙලාවක් යද්දි ගේ ඉස්සරහ කනප්පුව උඩ තිබ්බ බුලත් කොලයක් ගත්ත වෙද අප්පා ඒකෙ හුනු ගාලා දුම්කොලයක් තියලා මඩ පුවක් කෑවෙ දත් වල බුලත් කහට බේරි බේරි තියෙද්දි.
එතන හිටපු මිනිස්සුන්ගෙ එක්කෙනෙක් මන් දිහා කන්න වගේ බලන් හිටියෙ බුලත් කහට පිරිච්ච කටින් හිනාවෙවී.
ඇත්තටම ඒක මහ මූසල අද්භූත බැල්මක්.වෙද අප්පගෙ ගෙදර ඉස්සරහ තිබ්බ පුස් ගහේ පුස් ගෙඩි කන්න ආපු කපුටන්ගෙ සද්දෙ කරච්චලයක් වගේ වෙද්දි .ඒක මහ අමුත්තක් හිතට ගෙනාවා.
"ලොකු මැණිකේ බය වෙන්න කාරි නෑ.
ගෑනිට ඉක්මනට සනීප වෙයි.
මෙතන වැඩි වෙලා ගැවසෙන්නෙ නැතුව ඉලන්දාරි ටිකත් අරන් වලව්වට ගියානම් තමා දැන් හොද.
විස ඇග පුරා ගිහින් නෑ .
අදනම් ලෙඩාව එක්ක යන්න බැරි වෙයි.ආ ලොකු මැණිකේ මේ ලගකදි ඉදන් ඇහැල ගහේ අවාරෙට මල් පිපෙනවලු නේද?
මට හිතුනා ලගකදි ඉදන් මේ පුස් ගහ වටේ කපුටො කැරකෙද්දි.
උනුත් හොයන්නෙ ගොදුරක්නෙ ලොකු මැණිකේ.""මොකක්ද ඒ කියෙව්ව හතරබීරි කතාව වෙද මහත්තයෝ??"
"මේ දරුවගෙ මූන දැක්කම කියතැහැකි ප්‍රභල මහන යෝගයක් තියෙනවා කියලා"
වෙද අප්පා මන් දිහා බලලා ඒම කියද්දි හැමෝම මන් දිහා බැලුවා."යන්න කලින් මන් ලගට ටිකක් ආවනම් දරුවො"
වෙද අප්පා එයා ලගට මට අඩගහද්දි අර මනුස්සයා මගෙ දිහා බලන් මගෙ ඔලුව බෙල්ල අතගාන්න ගත්තෙ වියරු විදිහට හිනාවෙවී.........."උබ හරි හැඩයි කොල්ලො.සුවදේ බෑ" එහෙම කියපු ඒ අමුතු වියරු පාට මනුස්සයා මගෙ බෙල්ලට දත් තියන්න ගියේ හරියට වැම්පයර් කෙනෙක් වගේ.
"අබිලිං පලයන් මෙතනින් උබට දඩුකදේ දවස් දෙක තුනක් කකුල් හිර කොරන් ඉන්න ඕනෙ වෙලාද.?
පලයන් ඔය පොඩි දරුවගෙන් ඈත් වෙලා.
හිතන්නවත් එපා අබිලිං උබට මූව දරාගන්න අමාරුයි."
එහෙම කියපු වෙද මහත්තයා මාව ලගට ගත්තා.
වෙද අප්පා ඉදන් හිටිය හාන්සි පුටුව ලග කොලොම්බෙන් මට වාඩිවෙන්න කීවම ආච්චි අඩියක් ඉස්සරහට තිබ්බෙ කේන්තියෙන් වගේ.
YOU ARE READING
ඇහැල
Fiksi Penggemarදේශප්‍රේමීන්ට ආදරේ කරන්න එපා සහෝදරයා . උන්ට හිතක් පපුවක් නෑ උන්ට තියෙන්නෙ මොලයක් විතරයි......... (මෙය උරුමක්කරු වෙනුවෙන් රාවණ බැතිමත් හෙලයේ වංශ ගනණාවක කැපකිරීමකි............)