අටවන දිගහැරුම ..............
මට ඇහැරෙනකොට හිටියෙ සුමුදුගෙ ඔඩොක්කුවෙ.
ඒ ඇස් රතු වෙලා හොදටම අඩලා.
තොල රතු වෙලා
කම්මුල් දිගේ කදුලු බේරෙනවා.
මම සුමුදුගෙ මූණ අතගෑවෙ මන් වෙනුවෙන් මේ තරමටම කදුලු වගුරපු එකම කෙනා සුමුදු නිසා.
මාව දැකපු සුමුදු හයියෙන් අඩන්න පටන් ගත්තා.
"තමුසෙට මැරෙන්නද ඕනේ ? කියනවා මට කියනවා.
කිසිම කෙනෙක් ගැන දුකක් නැති ආත්මාර්ථකාමියා.
මම බය වුනා දෙයියෝ."
මගෙ තත්වෙ ගැනවත් හිතන්නෙ නැතුව සුමුදු හයියෙන් මගෙ පපුවට ගහගෙන ගහගෙන ගියා.
සුදු ආච්චි මාව නැගිට්ටවලා පාවට්ටයි වෙනිවැල් කසායකුයි දුන්නා.
තිත්ත නිසා කටට ගත්ත ඔක්කොම මම විසි කලා.
මම හිටියෙ නෙතුකැන් හිටපු සොල්දර කාමරේ.
මොකද මහගෙදර ගෙට එන තැනමයි නෙතුකැන් හිටපු සොල්දර කාමරේ තිබ්බෙ.
සමහරවිට මාව ඒ වෙලාවෙ ගේන්න ලේසිම කාමරේ මේක වෙන්න ඇති.
නෙතුකැන්,සුහස්න,ආච්චිලා තුන්දෙනා,කමනි හැමෝම මම දිහා බලන් හිටියා.
කාමරේ නිකන් සන්සුන් වෙච්චි කඩි ගුලක් වගේ.
මම මහේ කාමරේට යන්න හැදුවත් නෙතුකැන් මාව නවත්තගත්තෙ මගෙ උරහිසට අත තියලා ආයෙ මාව ඇදේ ඉන්දන ගමන්.
"You must take a bed rest now"
එහෙම කියලා නෙතුකැන් සුමුදුවත් ඇදන් ගියා.
ඒ එක්කම සුහස්නයි,ආච්චිලයිත් පහලට ගියේ මට තනියම ඉන්න ඕනෙ කියපු හින්දා.
මට ඔලුව කැරකිල්ලක් වගේ තිබ්බත් මම ඇදෙන් නැගිට්ටෙ ඒ කමරේ පුරාම ආපු කොහොඹ මිශ්‍ර කපුරු සුවද නිසා.
මම නෙතුකැන්ගෙ කාමරේට ආපු පලවෙනි වතාව මේ.
නෙතුකැන්ගෙ පොත් මේසෙ තිබ්බෙ ඈත පේන කදු යායටයි රබර් වත්තටයි මුහුණලා.
පෙබරවාරි මාසෙ නිසා රබර් ගස්වල කොල හැලිලා.
බිම පුරාම දුඹුරු පාටයි.
මට ඒක දකින කොට මතක් වෙන්නෙ මං පොඩි කාලෙ කියවපු පොත් වල තිබ්බ ඕටම් එකට වැටෙන මේපල් කොල.
ඉදහිට හමන හුළග නිසා වේලිච්ච දුඹුරු පාට රබර් කොල හෙමීට බිමට වැටෙනවා.
ගස් වල කොල නැති හින්දා ඈත බතලේගල කන්ද හොදට පේනවා.
වෙලාව හවස 2ට විතර ඇති.
ඒත් බතලේගල කන්ද සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහිලා.
ඒ සොල්දර කාමරේ තව ජනේලයක් තිබ්බෙ මේ ජැනේලෙට මුහුණලා.
එතනට ඇහැල ගහ හරි ලස්සනට පේනවා.
ඒත් අදනම් මල් අඩුයි.
හුලග පොඩ්ඩක් වැඩි නිසා ව්ව්න්න ඇති ගොඩක් මල් හැලිලා.
මහී කාන්තාවගෙ පපුව උඩ සිත්තරෙක් ඇහැල මල් දියසායම් විදිහට පාවිච්චි කරලා චිත්‍රයක් ඇදලා වගේ.
නෙතුකැන් ගෙ මේසෙ උඩ තිබ්බ පොත් පෙරලලා බැලුවා මන්.
එක පොතක සම්පූර්ණයෙන්ම තිබ්බෙ වේලපු මල් ඉටි කවර වල ඔබලා.
ඒ අතර තාමත් වේලිලා නැති දම් පාට මල් ජාතියක් තිබ්බා.
ඒක මල් කිණිත්තක්.
හරියට ලැවැන්ඩර් මල් වගේ.
ඒක යටින් ලියලා තිබ්බා.
සිංහ මුඛ මල් කියලා.
ඒ මලේ සුවද ගොඩක් තදයි.
ලැවැන්ඩර් වලට වඩා ව්ව්නස් සුවදක්.
ඒ මල් වල සුවද ගැන මට කියන්න තේරෙන්නෙ නෑ.
හැබැයි ඒ සුවද මගෙ හිත ගත්තා.
සිංහ මුඛ මල්..............
මට මේ කාමරේ දකින කොට මතක් වෙන්නෙ මැයි මාර ප්‍රසංගය කතාවෙ සමිධව.
මම දුටු සුන්දරම ඒ වගේම සයිකොම ඒක පාර්ශ්වික ප්‍රේමවන්තයා.
මම මේසෙ උඩ තිබ්බ නිල් පාටයි සුදි පාටයි පිටකවරයක් දාලා තිබ්බ ලස්සන පොතක් අතට ගත්තා.
මම ඒ පොතේ පිටු පෙරලන් යද්දි නෙතුකැන් හයිලයිටර් එක්කින් හයිලයිට් කරපු එක කවියක් දැක්කා.
ඇගිලි තුඩු
රතුවනතෙක්
වැරෙන් සෝදමි
සුදු කමිසයේ
ලොවි කහට
මෙනි ප්‍රේමය............
තව ඒ මේසෙ තිබ්බෙ සරසවි කුරුටු ගී කියන පොත.
මම ඒක කියවන්න අතට ගත්තත් මුල්ලක තවත් පොත් රාක්කයක් තිබ්බ නිසා මන් ඒ පැත්තට ගියා.
ඒකෙ තිබ්බ පොතක් අතට අරන් නිකන් පෙරලන් ගිහින් අහඹු තැනක් කියවන්න ගත්තා.
මගෙ මුලු සර්වාංගෙම රත් වෙලා ගියා වගේ දැනුනා.
අමු කුණුහරපයක්.
යකෝ මූ මේ වගේ පොතුත් කියවනවද.?
මගෙ පපුව දිගේ දාඩිය බිංදු යනවා වගේ දැනුනා.
පොතේ නම බලන්න යද්දි නෙතුකැන් පිටිපස්සෙන් ඇවිත් මගෙ උරහිස්ස උඩින් අත දාලා ඒ පොත උදුරගත්තා.
"මගෙ දේවල් අදින්න ආපු අයිතිය මොකක්ද ?
පවු කියලා රෙස්ට් කරන්න මේ කාමරේ දුන්නෙ"
"මේ මේක මගේ මහගෙදර තමුන් එන්න එපා අයිතිවාසිකම් කියන්න.
අනික මට තමුසෙගෙ අනුකම්පා ඕනෙ නෑ."
" මතක තියාගන්නවා ගිලෙන්න යද්දි මමයි තමුසෙව බේරගත්තෙ"
"මම කීවෙ නෑනෙ මාව බේරගන්න කියලා"
මමත් නෙතුකැන් එක්ක එකට එක කියන් ගියේ කේන්තියෙන් .
"මොකක්ද ඔයාට මාත් එක්ක මෙච්චර තියෙන තරහා??"
නෙතුකැන් එහෙම අහද්දි ඒ ඇස් දෙක රතු වුනා.
" සොරි ආපු කේන්තියට කීවෙ.මම යන්නම්"
එහෙම කියලා මම යන්න හදද්දි මම වැනුන වගේ නිසා නෙතුකැන් මාව අල්ලගත්තා.
"මට යන්න පුලුවන් "
"Are you sure?"
"Yeah I'm totally sure thank you......."
මම එහෙම කියලා සොල්දර පඩිය බැස්සෙ බඩගින්නකුත් තිබ්බ නිසා.
මම සොල්දර පඩිය බහිද්දිම සුදු ආච්චි මට කවන්න බත් එක්කුත් අරන් එනවා.
පස්සෙ සුදු ආච්චියි මායි කෑම මේසෙට ගියා.
සුදු ආච්චි මොනාද කොල ජාතියක් අනන කොට මන් ඇහුවා ඒ මොනාද කියලා.
"මොනාද සුදු ආච්චි මේ"
" තේ දලු කොල ඇබුල"
මමත් ඕනෙ පුම්කක් ප්‍රීති වෙසක් කියලා ඒක කන්න ගත්තට එදා කෑම වේලනම් හිතට ඇල්ලුවෙ නෑ.
අර තේ දලු ඇබුල මහම මහ වල් රහයි.
සුදු ආච්චිගෙ හිත රිද්දන්න බැරි හින්දා මම අමාරුවෙන් කෑවා නෙමේ ගිල්ලා.
මම මහ ගෙදර තිබ්බ කලුවර කවිච්චියට ගිහින් හාන්සි වුනේ ඇග රිදෙන්න ගත්ත නිසා.
මම එහෙම්ම නිදන් ඇහැරෙනකොට හවස 5යි.
සුහස්න සුමුදුත් එක්ක ගම වටේ සංචාරෙ ගිහින්.
YOU ARE READING
ඇහැල
Fiksi Penggemarදේශප්රේමීන්ට ආදරේ කරන්න එපා සහෝදරයා . උන්ට හිතක් පපුවක් නෑ උන්ට තියෙන්නෙ මොලයක් විතරයි......... (මෙය උරුමක්කරු වෙනුවෙන් රාවණ බැතිමත් හෙලයේ වංශ ගනණාවක කැපකිරීමකි............)