පහුවදා උදේ නිදාගෙන හිටපු මගෙ පස්සට කවුරුහරි ගහනවා වගේ දැනුනා.
"නැගිටපන් මිනිහෝ
නැගිටලා මට පොල් ගාලා දීපන්"මම ඇග මැලි කඩන ගමන් නැගිට්ටෙ කවුද යකෝ මට පොල් ගාන්න කියන්නෙ කියලා බලන්න.
"මොකද ගෑනියේ???"
"මොන ගෑනි ගැනද කියන්නෙ මිනිහෝ"
ඇස් ඇරලා බලද්දි සුමුදු මගෙ මූනට ලං වෙලා හිටියෙ හැදි මිට මගෙ දිහාට දික් කරන්.
"මේක මෙතනම විසදගමුකො සුදු පුංචෝ.
කවුද ගෑනි??""උබ වදේ උබ "
"නෑ නෑ වෙන්න බෑ කවුද යකෝ උබේ ගෑනි කියපන් මට දැන්ම"
"ආව් ආව් ගහන්න එපා යකෝ ආ...... මගෙ පස්ස
ආව්.....................
හැදි මිට පැත්තකට තියපන් සුමුදූ.........මම හීනෙන් ඊජිප්තු පිරමීඩයක් ඇතුලට ගියා හරිද??
ඊට පස්සෙ ක්ලියෝපැට්‍රව හම්බුනා.
මගෙ රූපශ්‍රීයට වශී වුන ඒ උත්තමාවිය මට කීවා එයා මගෙ සුගර් මමී වෙන්න කැමතියි කියලා.
ඊට පස්සෙ මන් කීවා මම දැනටමත් සුන්දර ලලනාවක් සරණපාවන් ඉන්නේ.
මට කමා කරන්න කියලා..........""ඊට පස්සෙ මොකද වුනේ????"
"ඊට පස්සෙ ක්ලීයෝපැට්‍රා එයාගෙ රාජකීය මුළුතැන්ගෙයින් පොල් කටු හැන්දක් අරන් ඇවිත් මට ගහන්න පටන් ගත්තා."
"ආ ආ ඇති ඔය බොරු කීවා .
මෙන්න පොල් බෑව පොල් ගාපන් මහත්තයෝ""කෝ ආච්චිලා
අනික මම පොල් ගාන්න දන්නෙ නෑ ""ආච්චිලා ගියා කුරුණෑගල පොල් වත්ත බලන්න ද එන්නෙ නෑ මට ගෙදර වැඩ බලා ගන්න කීවා.
අක්කා ගියා ඉස්කෝලෙ වැඩකට"" ඒ වුනාට මම පොල් ගාන්න දන්නෙ නෑ බන් ."
" දන්නෙ නැත්නම් අද ඉගෙන ගන්න අයියේ "
" එහෙනම් කිස් එකක් ඕනෙ ".
මම එහෙම කියලා මූන සුමුදුගෙ පැත්තට දික් කලා."පොල් බෑවෙන්ද?"
එහෙම කියලා සුමුදු පොල් බෑව ඉස්සුවෙ පොල් කටු හැන්ද මන් දිහාට දික් කරන ගමන්.
" ආ දීපන් මෙන්න මෙහෙ ඕක "
" ඔක්කොටම කලින් අයියේ ශර්ට් එකක් ඇදගනින්. ඊයෙ රෑ කවුරුහරි ඇග පුරා කැටයම් කොටලා...........
ඇම්බැක්කෙ දේවාලෙ වගේ දැන්නම්"
YOU ARE READING
ඇහැල
Hayran Kurguදේශප්‍රේමීන්ට ආදරේ කරන්න එපා සහෝදරයා . උන්ට හිතක් පපුවක් නෑ උන්ට තියෙන්නෙ මොලයක් විතරයි......... (මෙය උරුමක්කරු වෙනුවෙන් රාවණ බැතිමත් හෙලයේ වංශ ගනණාවක කැපකිරීමකි............)