පස්වන දිගහැරුම ............................
මම නාලා ඉක්මනට ගෙට ආවෙ වතුර සීතල වැඩි නිසා .
පිලිකන්නට ගියාම සම්පුර්ණයෙන් පේන්නෙ ඉස්සරහින් රබර් වත්ත.
සත්තු සර්පයි විමානෙමම ගේ ඇතුලට එන්න යනකොට දැක්කා පිලිකන්නෙන් එළියට යන්න තිබ්බ දොරේ එල්ලලා තිබ්බ මගෙ ශර්ට් එක සුමුදු ඇදන් ඉන්නවා.
ඇදන් මගෙ ශර්ට් එකේ කොලර් එකේ සුවද බලනවා.
ඌට ඒ ශර්ට් එක ගොඩක් ලොකුයි.
දණහිස් ගාවටම ගෑවෙනවා."ඒයි තෝ ඔය මොකක්ද කරන්නෙ මගෙ ශර්ට් එක ගලවපන්"
මම එහෙම කියනකොටම කොලර් එකේ සුවද බල බල හිටපු ගැස්සිලා ගිහින් මම දිහා බැලුවා.
"ඕකෙ දාඩිය ගද ඇති බන් ගලවපන් ඕක.
අනික උබේ සයිස් එකට ඕක ගැලපෙන්නෙත් නෑ. මෙන්න මෙහෙ දීපන් ගලවලා."තෙත සරම උඩින් තුවාය අදින ගමන් ඌට කියන කොට ඌගෙ ඇස් දෙක මගෙ දිහාටම යොමු වෙලා තිබ්බා.
"මේක සුවදයි.මට මේක දෙන්නකො සුදු පුංචා අයියේ"
ඌ එහෙම අහනකොට උගෙ ඇස් දෙක දිලිසුනා වගේ මන් දැක්කා." පිස්සුද බන් උබට මන් ඕක උබට හෝදලා හෙට දෙන්නම්"
"එපා . මට හෝදලා එපා මේක. මට මේක ඕනෙ හෝදන්නෙ නැතුව" ඌ ඒම කටත් උල් කරන් උඩ පැනලා කියන කොට අමුතු හුරතල් පාටක් පේනවා.
" අයියාගෙ ඇග වතුරෙන් තෙත් වෙලා දිලිසෙනවා වගේ.උබ ගාව කොහොඹ සබන් සූදයි"
ඌ ඒම කියන කොට මන් මගෙ අත් දෙකෙන් පපුව වහ ගත්තෙ මූට මොන යකෙක් වැහිලද කියලා හිත හිත.
මොකද මන් සුදු පාට තුවාය විතරයි ඇදන් හිටියෙ.
සරම හේමිට තුවාය යටින් අයින් කරගත්තෙ ඌ බලන් ඉද්දිමයි." හා... හා ...... ඕ...ක උබ තියාගනින්"
මට ඒම කියනකොට වචනත් පැටලෙන්න ගත්තා.
මම ඇතුලට යන්න යනකොට ඌ මගෙ අතින් අල්ලගත්තා.
" අයියේ??"
"මොකෝ???"
" උදේ කීවා නේද මට කුණුහබ්බයක් කියලා දෙනවයි කියලා.
කියලා දෙන්නෙ නැතෙයි ඉතින්?"
YOU ARE READING
ඇහැල
Fanfictionදේශප්‍රේමීන්ට ආදරේ කරන්න එපා සහෝදරයා . උන්ට හිතක් පපුවක් නෑ උන්ට තියෙන්නෙ මොලයක් විතරයි......... (මෙය උරුමක්කරු වෙනුවෙන් රාවණ බැතිමත් හෙලයේ වංශ ගනණාවක කැපකිරීමකි............)