Chapter 04❤️

913 69 17
                                    

"ආහ් මල්ලී!!!.."

.........................................................................

ආව සෙනසුරු වෙනකව්රුත් නෙවෙයි මගේ අතිජාත මිතුරා....මිනිහා මට වඩා මාස දෙකකින් වැඩිමල්..මූ හිතන් ඉන්නේ හෙන ලොකු අයියා කියලා..

"ගුඩ්මෝනින් අයියේ.."

"මෝනින් මෝනින් මල්ලි..ඉතිම් ඉතිම් මොකෝ වෙන්නේ.."

"මොනා වෙන්නද අයියේ..ඔහේ ඉන්නවා..
අයියා mk.."

"මන් නම් ඉතිම් මේ දවස් වල බරටම වැඩ මල්ලී..දන්නේ නැද්ද ඉතිම් ඒ ලෙවෙල් වලටත් තව අවුරුද්දයිනේ..."

අනේ ඉතිම් මොකට කියනවද ඒක..මුගේ ගෙදර ගියා නම් බලාගන්න තිබ්බා මූගේ රගේ..8.30වෙනකොට මූ බුදි..ඒ වුණාට කතාව නම් ඒ ලෙවෙල් වලට තව අවුරුද්දයිනේ මල්ලී..අනේ උබේ කට...
මූ හින්දා මට මගේ මෙතුල් අයියාවත් බලාගන්න බැරි වුනා හරියට..ශිට් මූ නම් හෙනම කරුමයක්..

"ඔව් නේද අයියේ..අයියා සෑහෙන්න මහන්සි වෙනවා කියලා දේවින්දි අක්කත් කියලා තියේ මට.."

ඇතිද උඹට...දේවින්දි කියන්නේ මුගේ අක්කා..මුගේ පව්ලේ ඉන්නේ මූයි අක්කයි, අම්මයි, තාත්තයි..මූ තමා ගෙදර බඩපිස්සා..හරියට අපේ ගෙදර බඩපිස්සා මං වගේ..

අන්තිමට මූ නිසා මෙතුල් අයිය දිහා වැඩිවෙලා බලන් ඉන්න හම්බුනේ නෑ..බස් එකක් ආවා..අපිත් නැගලා ආවා...

.........................................................................


"මිනිස් සිරුර හා එහි ක්‍රියාකාරීත්වය.."

"ළමයි විශේශයෙන්ම ජීව විද්‍යාව ඉගෙනගන්නකොට අපි පටක විද්‍යාව, මානව දේහ ව්‍යුහ විද්‍යාව මගින් ඉන්ද්‍රියන්වල ව්‍යුහය පිළිබඳ මූලික දැනුමක් ලබාගන්නවා..ඒ නිසා අපිට මිනිස් සිරුර ගැන යම්කිසි අවබෝධයක් ලබාගන්න පුලුවන්..ලක්ශාන්!!!!!!!! "

"ආහ් ඔව් ඇයි මිස්.."

"ඔව් මිස් ඇයි මිස් තමා..මං මෙතන උගුර කඩාගෙන උගන්නනවා..තමුන් මෙතන නිදි..."

ටසිරි මාට්ටුයි නේද..මූත් ඉතිම් මෙතන කෙල පෙර පෙර නිදිනේ..අද අපිට පළවෙනි පීරීයඩ් දෙකම බයෝ..මං නම් ආසයි අහන් ඉන්න..ඒත් දේවා නම් ආසම නැත්තේ බයෝ වලට..ඌට පිසික්ස්,කෙමෙස්ට්‍රි නතින්...

ඔබ දිහාWhere stories live. Discover now