එහෙම හිතන් පඩිපෙල් බැහැගෙන වොශ් රූම් එක ලගට ගියාට මොකද මට ඇහුන කටහඩවල් ටික එක්ක මං චුට්ටක් විතර පුදුම වුනා..මොකද ඒ ඇහුණේ කටහඩවල් විතරක්ම නෙවෙයි..
.........................................................................
ඔව් දැන් නම් මට සීයට දාහක්ම විශ්වාසයි එතන ඉන්න එකෙක් අඩනවා කියලා..කෙනෙක්ට හිතෙයි අපෝ කොල්ලොත් අඩනවාද කියලා..ඔව් ඒක මෙහෙමයි කඳුළු කියන දේට Gender එක අදාළ නෑ..දුක හිතුනම ඕන කෙනෙක් අඩනවා..හැබැයි කොල්ලෝ කියන ජාතිය හරි දක්ශයි කඳුළු හන්ගන්න..මං කොල්ලෙක් නිසා කියනවා නෙවෙයි..හෙන ගහන්න වගේ එකදිගට ප්රශ්න ආවත් ඒවට බය නැතුව මූන දෙන්න හැමෝටම බෑ..කොල්ලෝ පිටින් පේන්න හයියයි වගේ හිටියත් ඇත්තටම උන්ටත් වාරුවක් ඕන වෙන තැනක් එනවා..ආහ් හරි හරි මගේ දේශනාව ඉවරයි..උඹලා කටඅයාගෙන බලාගෙන හිටියේ මොකාද මේ අඩන එකා කියලනේ..යමු යමු ඕපේ පොඩ්ඩක් හොයලා එමු..අපේ ඉස්කෝලේ වොශ් රූම් පැත්තේ තියෙනවා වෙරළු ගහක්..එතන පොඩ්ඩක් සැගවිලා තියෙන පොට් එක්ක් .වැඩිය කවුරුත් යන්නේ නෑ..එතන තමා අර සෙට් එක ඉන්නේ..අඩෝ නෝ මූ!!!!
එතන හිටිය වෙන කවුරුවත් නෙවෙයි තිමිරයා..මං හරියටම මූන දැක්කේ නෑ..හැබැයි උගේ කටහඩ තමා ඇහෙන්නේ..ශුවර් ඇන්ඩ් ශොට් ඔතන උගේ යාලුවෝ දෙන්නත් ඇති..අපි කරපු ජෝක් එක මූ සීරියස් අරන්වත්ද??ඒත් එහෙම වෙන්න ඇයි?මූ බැරිවෙලා වත් සදේශුවාට කැමතිද දන්නේ නෑ..කියන්න බෑනේ..ඒ වුනාට ඌ මොකටද අඩන්නේ..එක්කෝ ගිහිම් කිව්වනම් හරි අපි ජෝක් එකක් කලේ කියලා..මොනා වුනත් ඌ ඉකි ගහ ගහා අඩනවා වගේ තමා ඇහෙන්නේ..එක්කෝ ඕනේ නෑ..අහක යන්න කුන්ඩවාල ඔලුවට හලා ගන්නේ නැතුව ඉන්න ඕනේ..ශිට් චූ දාන්න ආවේ...මුන් හින්දා මගේ චූ බරත් ගියා..දැන් මෙතනින් ගියොත් තමා හොද....අරුන් මොනාද දන්නේ නෑ අරගත්තේ...මෙලහකටත් කාලාද දන්නේ නෑ කැ# පගයෝ දෙන්නා..
.........................................................................
"තෝ මොන මගුලකද මක බෑවුනේ යකෝ.."
"ඒක තමා තෝ එනකම් හිටියේ..පරක්කු වුන නිසා අපි වඩේ ටික කෑවා..ආ උඹට රෝල්ස්.."
තිරිසන් වැඩ යකෝ මෙව්වා..දේවා හිටියනම් මට මෙහෙම වෙන්නෙ නෑ..ඌ මොනා වුනත් මට ඉතුරු කරනවා..තොපි නම් සක්කිලි හැත්තක්..
YOU ARE READING
ඔබ දිහා
Non-Fiction"ඕනම දෙයක් දිහා දුරින් ඉදන් බලද්දි හරි ලස්සනයි බං..🥺❤️" ආදිත් ශෙනාල් කෞශිත වයිරාවණන්.. "එහෙමයි කියලා උඹ හදන්නේ හැමදාම මෙතන ඉඳන් බලන් ඉන්නද..අනේ මේ උඹ උක්කාපන්.." ලක්ශාන් දේවන්ය සදහිරු දිසානායක..