Chapter 22❤️

347 24 17
                                    


ජීවීතේ කොච්චර වැටුනත් නැගිටින්න පුලුවන් ඒත් උදේට නැගිටින එක තමා අමාරුම වැඩේ..අනික මේ  ශිෂ්‍යනායකකම් භාරදීලා තියෙන නිසා අපිට වැඩ වැඩියි..අනික උදේම ඉස්කෝලේ යන්න ඕනේ..එහෙම කන ළඟ තියන එලාම් එක සැරෙන් සැරේ කෑගනවා..උස්සලා ගහනවා මං ඔය මගුල පොලොවෙ කොයිවෙලේ හරි..

ඇදෙන් නැගිටලා ඇද හදලා වොශ් එකක් දාම් යුනිෆෝම් ඇඳන් ලෑස්තිවුනා...පොත් ටික බෑග් එකට දාගෙන වෙනදා වගේම ඩයරියත් බෑග් එක අස්සට දාගෙන අපේ කුමුදුනීගේ උදෑසන ආහාරය අනුභව කරන්න ගියා..මං යනකොට අරුන් දෙන්නාම ලෑස්තිවෙලා කනවා..

"ආහ් ශාන් පුතා ගුඩ් මෝනින්.."

"ගුඩ් මෝනින් නැන්දේ...අඩේ ගුඩ් මෝනින්.."

"ගුජ් මෝනිඤ් ශාන්.."

"ගුඩ්මෝනින් ශාන්..කෑම කටේ තියන් කතාකරලා හිරකරගනිම්කෝ බලන්න.."

" අනේ මේ අභීඊ....කැහ්..කැහ්..කැහ්..වතු..
කැහ්..ර..! "

"මං කිව්වා තොට..ආ මේක බීපන්..."

"අනේ අනේ අදත් පටන් ගත්තද උදේ පාන්දර රන්ඩු වෙන්න..."

"අනේ නෑ කුමුදුනීයෝ..ඔයාගෙ මෙව් කිරිපුතා එක්ක තමා බැරි...මොකද උඹ රවන්නෙ.."

"ඔය නම කියන්න එපා කියලා තියේ මං උඹට.."

"ආදරේටනේ සත්තලන්..කෝ එන්න උම්මා එකක් දෙන්න..."

"ඊව්ව් ඊව්ව් අහකට පලයම්..අසහනේද උඹලට..මං උඹලාවගේ කොලුකාරයෙක් නෙවේ හරි.."

"කෙලින් කෙලින් කියන උන් තමා පස්සෙ උන්ටත් නොදැනිම ඇද ගහන්නෙ..නැද්ද ශානෝ.."

"ඇද බැරිනම් කුද හරි ගහගනිම්...ඊට කලිම් ඉස්කෝලෙට යමන්..ඩියුටි යන පලවෙනි දවසෙන ධනංජන් සර්ගෙන් අහගන්න වෙන්නෙ..."

"අපි වගේ උන්ට බැජ් දීපු උන්ට මඩු වලිගෙන් තලලත් මදි ඕයි.."

"අනේ ඉතිම් මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි.."

"උදාරකම් පෙනේ බස් එක ගියාම..ඉක්මනට යමන්.."

"ඉදහම්..ඉදහම්.."

"නැන්දේ අපි යනෝ..."

"අම්මේ අපි යනෝ.."

"කුමුදුනී ඔයාගේ සූටී පුතා යනෝ..එද්දි ඔයාගේ සූටි මැනිකට රස කෑමක් හදලා තියන්න..."

ඔබ දිහාWhere stories live. Discover now