Chapter 18❤️

713 50 16
                                    

"ගුඩ්මෝනින් සුදූ!!! "

එහෙම කියාගෙන අප්පච්චිත් ආවා..ඒ වුනත් ඊලග තප්පරේදි අප්පච්චි මන් දිහා බලලා කිව්ව දේත් එක්ක මට දෙයියෝ බුදුන් සිහිවුනා...

.........................................................................

"මොකද චූටි පුතා අද කලින්ම ලෑස්තිවෙලා..අද පන්ති කලින් පටන්ගන්නද?? "

"මොකක්??මං මෙතන පරක්කුවෙලා දගලනවා..අප්පච්චි කලින් කලින් ගානවා..පිස්සුද අප්පච්චී.."

"පිස්සු කාටද කියලා බලාගන්න තිබ්බා ඔරලෝසුවෙන් වෙලාව බැලුවනම්.."

"ඇහ් වෙලාව දැන් ඇති ඕන්නම් අප්පච්චි 8.20ට ව..."

කියන්න ගත්ත එකත් අමතක වුනා වොච් එකේන් වෙලාව බැලුවාම..

"පොඩීඊඊඊඊඊ!!!! "

"චූටි පුතා!! ඔයා නැගිට්ටට අනිත් ගෙවල් වල මිනිස්සු නිදි..හෙමින් කතාකරනවා.."

දෙයියනේ වෙලාව 4.45..අර හු#තිගේ පුතාලා දෙන්නා මාව 4.00ටද කොහෙද නැගිට්ටවලා තියෙන්නේ..අද මං මුන් දෙන්නට...

"චූටි හිමින් ඇවිදිනවා..ඔය ටයිල් පුපුරයි.."

"අනේ මේ අප්පච්චි.."

අරුන් මන් මොකෙක් කියලද දන්න් නෑ හිතන් ඉන්නේ...උන්ට හිතින් බැන බැන උඩතට්ටුවට නගින්න යනකොට පහල සෝෆා එකේ ඉඳගෙන පොඩී කතාකලා..ආ උඹලා දෙන්නා පහලද ඉන්නේ..උඹට අද මම..

"ඒ ඒ චූටි!!ලගට එන්න එපා ගහනවා උඹට.."

"අනේ ඔය කොට්ටෙන් ගැහුවට මට රිදෙන්නේ නෑ..හැබැයි මේ සපත්තුවෙන් ගැහුවොත් උඹට නම් රිදෙයි.."

"ඒ මිහාන් බලහම්කෝ බන්..හැබැයි කෑගහනවා චූටි!! "

"ඉතිම් කෑගහපම්..මට මොකැ..උඹනේ බැනුම් අහන්නේ.."

"පැටියෝ..ඔය සපත්තුව එහාට කරන්නකෝ..පව්නේ අයියා නේද.."

"අනේ මේ මිහාන් අයියේ..ඔයත් දැන් බොරුවට පැටියා පැටියා ගානවා..ඒ වුනාට මේ පැටියට නිදාගන්න දෙන්නේ නැතුව ඇහැරෙව්වා.."

"ආ ඒක මේ අහන්නකො පැටියෝ.."

"නෑ නෑ මොකුත් අහන්න ඕනේ නෑ..ඔයා අයින් වෙන්නකෝ...පොඩී දුවන්න එපා ගහනවා උඹට..ඒක නිසා ලගට වරෙන්.."

ඔබ දිහාWhere stories live. Discover now