Chapter 10❤️

746 60 35
                                    

A/N 🌻

ළමයි..මං මේ කතාව පොඩි පොඩි චැප් විදියට ඩේලි දෙන්නද?? නැත්නම් දවසක් ඇර දවසක් ටිකක් දිග චැප් එකක් දෙන්නද??අමතක නොකර ඔයාලා කැමති කොහොමද කියලා කියාගෙන යන්න😁👍

.........................................................................

ආහ් මේ මගුලේ එලාම් එක උස්සලා පොලේ ගහනවා මං..ශිට් ඉදපම් යකෝ පොඩ්ඩක් නැගිටිනවා නැගිටිනවා!!!මේ රෙද්ද වෙලාවකට අපේ අම්මිට වඩා හපන්..කව්ද යකෝ මෙච්චර එලාම් තියපු එකා...

වෙන කවුද උඹ තමා!!!

මගේ මොළේ එක පැත්තක් එහෙම කියද්දි
අනිත් පැත්ත මෙහෙම කියනවා..

එලාම් එක නෙවේ පොලේ ගහන්න වෙන්නේ උඹේ ෆෝන් එක!!!

අනේ කටවහපියව් දෙන්නම..උදේ පාන්දර මරාගන්නවා..

"චූටි පුතා!!!! "

"නැගිටලා ඉන්නේ අම්මී.."

"එහෙනම් වොශ් එකක් දාන් ලෑස්ති වෙලා එන්න..අද දේවන්‍ය පුතාත් එනවා කිව්වා ඔයා එක්ක යන්න.."

"ආහ් හරි අම්මී.."

ඒ කියන්නේ අද දේවා එනවා..අම්මේ ඇති යන්තම්..ඊයේ දවසට මට උඹව කොච්චර මතක් වුණාද...උඹ නැතුව මට පාළුයි යකෝ!!!!!

වොශ් එකක් දාන් ලෑස්ති වෙලා පහලට යද්දි දේවත් ඇවිත් කනවා..මූට ඉතිම් අපේ ගෙදරත් මුගේ ගෙදර වගේ තමා..අපේ අම්මිටත් මූ ආවොත් අපිව මතක නෑ..

"දේවන්‍ය පුතා තව කන්න.."

"ආහ් හරි හරි..මං කන්නම් ඔතනින් තියන්නකෝ.."

"මේ කොල්ලෝ..උබට කන්න කිව්වා කියලා ඔක්කෝම කන්න එපා..අර කවුරු හරි ආවම කන්න දෙන්න ඕන නිසා දුන්නේ..උඹ මෙතන පෙරේතයා වගේ ඔක්කම ගිලින්න එපා..නේද සුදූ.."

"දේශ්!!!!උදේ පාන්දරම මගෙන් හැදිපාර නොකා කුස්සියෙන් යනවද...ඔයා කන්න පුතා..එයා කියන ඒවා ගනන් ගන්න එපා.."

"හරි හරි සුදූ...ඔහොම කේන්ති ගන්න එපා..ඔයා ඉක්මනට වයසට යයි.."

"ඔව් ඔව් කොහොමත් ඔයාට කලින් වයසට ගිහිම් මගේ නහරයක් පුපුරලා මැරෙනවා..ඒක ගැන නම් මං හොදාකාරවම දන්නවා..."

ඔබ දිහාWhere stories live. Discover now