මූ මන් මොකෙක් කියලද දන්නෙ නෑ හිතන් ඉන්නේ...පුදුම කරුමයක් වුනානේ මේක..දැන් ඉතිම් හැමදාම මුගේ පරවැඩ කර කර ඉදහම්කෝ...ඇත්තමයි මට ගිහිම් අර ධනංජන්කාරයව හිල් කරලා එන්න හිතෙනවා..මං කිව්වෙ මේ ඔළුව හරිත..උඹලගෙත් මහ වල් හිත..හරි ඒක පැත්තකින් තියමුකෝ අර හාන් කාරයට වටින්නෙ නෑ මාව මේම තට්ටු දෙකක් පහලට බස්සලා ප්‍රිෆෙක්ට් රූම් එකට යවලා උගේ මොකක්ද මන්දා පොතක් උස්සන් ඇවිත් ආපහු තට්ටු දෙකක් නැගලා ඌට ගිහිම් දෙන්න...ආ නැද්ද මං කියන්නෙ..ඌට වටින්නෙ නෑ මං වගේ අහිංසක කොලුපැටියෙක්ට ඒම කරන්න..මං මේක අම්මිට කියනවා...ම්හුක්...
"ශේන් මල්ලි..කොහෙද මේ අඩිත් හප්ප හප්ප යන්නෙ..."
ඊව්ව්..මොකාද මේ පළගැටියා..මට උඹ එක්ක කතා කර කර ඉන්න වෙලාවක් නෑ අයිසේ..මන් ගොඩක් බිසී..චුප් චුප්...
"මොකද මල්ලි කතානොකර යන්නෙ.."
"කතාකරන්න මං අයියව අදුරන්න එපැයි.."
"ඔයා නම් මාව අදුරන්නෙ නැතුව ඇති..ඒ වුනාට මං නම් ඔයාව හොදට අදුරනවා.."
"ආහ් ඒමද අයියේ..අපි පස්සෙ කතාකරමුකෝ ඇහ්..මට දැන් හදිස්සි රාජකාරී වැඩකට යන්න තියෙයි.."
"මං ඒක මතක තියා ගත්තා ඒනම් ශේන්.."
"මොකක්ද??"
"පස්සෙ කතාකරමුයි කියපු එක..එහෙනම් මල්ලිත් හොදින් මතක තබා ගත යුතුයි ඇහ්..."
පිස්සු හු#තෙක්...මං නම් එයි උඹ එක්ක කතාවට..මට වෙන වැඩ නෑනේ...
අන්තිමට ඌටත් හිතින් බැන බැන ප්‍රිෆෙක්ට් රූම් එකට ගිහිම් විහානයගේ බෑග් එකත් හොයන් ඒකෙන් කෙමිස්ට්‍රි පොත හොයාගෙන ඒක අරගත්තා...ඒත් බෑග් එකේ කෙමිස්ට්‍රි පොත් දෙකක් තියෙයි...දැන් මේකෙන් හරි එක මොකක්ද කියලා මං දන්නවද..මේ පුත්තලම් බූරුවටත් හරියට දෙයක් කියන්න බැරිවුනානේ...ආයේ පහලට ඇවිත් අරන් යන්න බෑ ඔන්න් ඔහේ දෙකම අරන් යනවා කියලා හිතන් අනිත් පොතත් එලියට ගද්දි දැකපු දෙයින් මාව සීතල වෙලා ගියා...දෙයියනේ මේක කොහෙන්ද මෙයා ගාව තියෙන්නෙ...මන් හිතුවෙ මට ඒක නැතිවුණා කියලා.....
YOU ARE READING
ඔබ දිහා
Non-Fiction"ඕනම දෙයක් දිහා දුරින් ඉදන් බලද්දි හරි ලස්සනයි බං..🥺❤️" ආදිත් ශෙනාල් කෞශිත වයිරාවණන්.. "එහෙමයි කියලා උඹ හදන්නේ හැමදාම මෙතන ඉඳන් බලන් ඉන්නද..අනේ මේ උඹ උක්කාපන්.." ලක්ශාන් දේවන්ය සදහිරු දිසානායක..