ඒත් මෙච්චර වෙලා සතුටින් හිටපු මාව එකපාරටම ශොක් වෙලා ගියා..මං කවදාවත් නොහිතපු හිතන්න බලාපොරොත්තු නොවුන දෙයක් අද මගේ ඇස් ඉස්සරහාම සිද්දවුනා...
"මෙතු..ල් අය්..යේ.."
........................................................................
ඒ හිටියේ වෙන කවුරුත් නෙවෙයි මෙතුල් අයියා..එතන තියන කෝෆි ශොප් එකේ ඉඳලා මෙතුල් අයියා ආවේ ස්කූල් යුනිෆෝම් එක ඇදලා හිටපු අක්කෙක් එක්ක...සමහරවිට අපේ වයසේ වෙන්නත් ඇති..දෙවියනේ..මන් කවදාවත් මගේ ඇස් දෙකට මේ වගේ දෙයක් දකින්න බලාපොරොත්තු වුනේ නෑ...දැන් හිතෙයි මං කොහොමද ඒ කෙනා හරියටම මෙතුල් අයියගෙ කෙල්ල කියලා කියන්නේ කියලා...හ්ම්ම් ඒක ඇත්ත..නිපුනුත් මට කලින් දවසක් කිව්වා එයාට කෙල්ලෙක් ඉන්නවා කියලා..මං ඒත් ඒක විශ්වාස කලේ නෑ..ඒත් අද මෙතුල් අයියගේ මූනේ තියෙන ලස්සන හිනාව දැක්කම ඒක ඕන කෙනෙක්ට තේරෙනවා..ඒ දෙන්නා අතින් අල්ලන් බස් හෝල්ට් එකට ආවම ඒකත් හරියටම මගේ ඉස්සරහින් ඇවිත් දෙන්නා එක්ක ඇවිත් හිටගත්තාම..දෙවියනේ මගේ හුස්ම එක මොහොතකට නැවතුණා වගේ මට දැනුණා!!!
කමක් නෑ අයියේ..ඒ අක්කා එක්ක ඔයා සතුටින් නම් මටත් සතුටුයි!!
සමහර මිනිස්සු කවදාවත් දැනගන්න එකක් නෑ අපි එයාලට කොයිතරම් නම් ආදරේ කරාද කියලා!!
"ශේන්!!ඒ බං මේ අහපන්කෝ...අපි යං දැන් ගෙදර ගිහිම් කතාකරමුකෝ මේ ගැන..යමන් දැන්..ප්ලීස් මචන් අහපන්කෝ.."
හ්ම්ම්..ඌටත් මගේ වෙනස තේරෙන්න ඇති..ඔව් බං යමු..අදින් පස්සේ මේ බස් හෝල්ට් එකේ මං ඔයා එනකම් බලන් ඉන්න එකක් නෑ මෙතුල් අයියේ...
මට හැමදාම වුනේ මං ආදරේ කරන අයව වෙන අයට දීලා එයාලා සතුටින් ඉන්න දිහා බලන් ඉන්න...!!!
ඇයි දෙවියනේ මටම මෙහෙම කරන්නේ..ඇයි..මං මොනා කලාටද..
"ශේන්!!!මෙහෙ වරෙන් යන්න.."
දේවාට තරහ ගිහිම්..යාලුවෙක් විදියට ඌ හරි..ඒත් අනේ මට තව චුට්ටක් එයා දිහා බලන් ඉන්න ඕනනේ..
"හ්ම්ම්"
අපි දෙන්නා එවෙලම ආපු බස් එකට නැගලා ආවා..අදින් පස්සේ කවදාමහරි ඔයා එනකම් මට බලන් ඉන්න එකම එක හේතුවක් තිබුණොත් මං අනිවාර්‍යෙන් මග බලන් ඉන්නම් මෙතුල් අයියේ...මං ඒ තරම් තමුසෙට එක හිතින්ම ආදරේ කලා අයියේ..
YOU ARE READING
ඔබ දිහා
Non-Fiction"ඕනම දෙයක් දිහා දුරින් ඉදන් බලද්දි හරි ලස්සනයි බං..🥺❤️" ආදිත් ශෙනාල් කෞශිත වයිරාවණන්.. "එහෙමයි කියලා උඹ හදන්නේ හැමදාම මෙතන ඉඳන් බලන් ඉන්නද..අනේ මේ උඹ උක්කාපන්.." ලක්ශාන් දේවන්ය සදහිරු දිසානායක..