Chapter 07❤️

594 45 27
                                    

"Excuse me sir"

අපේ නාකි චන්දනයාව බය කරේ මොකාද කියලා බලන්න මං පිටිපස්ස හැරුනම දැක්ක රූපෙ නිසා මාව නිකම් අන්දුන් කුන්දුන් වෙලා ගියා යකො...

.........................................................................

බුදු අම්මෝ මුගේ උස!!!!උඹ ගිය ආත්මේ පොල් ගස් පූජා කලාද බං..පොර පෙනුමෙන් නම් අයියෙක් වගේ..ඔක්කමත් හරි මේ නාකියා මොකක් කියලද ඌට කතා කලේ..

"ආහ් මේ ශාන් පුතානේ..එන්න පුතේ.."

නාකියෝ...මෙතන ඉන්න එකම ශාන් මං විතරයී!!!!එනවා මෙතන් ශාන් ශාන් ගාන්න..උඹේ නමේ ශාන් කෑල්ලක් තිබ්බට කමක් නෑ..වෙන නමක් කියන්න කියපාආආන්!!!!!.නැත්තනම් මං දෙනවා තොට මෙතනම පත බෑවෙන්න ගස් ඔටු ලබ්බා..

"සර්, prefectsලගේ ෆෝම් ටික උදානි මිස් ගේන්න කිව්වා.."

මෙහෙ ඇති ෆෝම් එකක් නෑ..පලයම් යන්න..ආව මෙතන මගුලක් හොයාගෙන..

"ශෙනාල් ඕක ඉක්කමනට පුරවලා මේ ළමයට දෙනවා.."

"ආහ් හරි සර්.."

අඣේ උඹ නිකම් ඉදාම් චන්ද්‍රපාලයෝ..මං දෙන්නේ මට ඕන වෙලාවට..හුහ්..අකුරු ලස්සනට ලියලා දෙන්න ඕනේ..නැත්නම් එතනත් ලකුණු කැපෙයි..

"මේ මල්ලි,ඕක අත් අකුරු තෝරන තරගයක් නෙවෙයි..ඉක්මන්ට ෆිල් කරලා දෙන්න.."

ආහ් ඇත්තද..අනේ නිකම් පලයම් බං අයියේ යන්න..උබේ අකුරු කැත ඇති ඒකනෙ මගේ අකුරු වලට අනං මනං කියන්නේ..මං අම්මිට කියනවා උඹ ගැන..

"ආහ් මෙන්න.."

පොඩි තරහක් අවුස්සගෙන මං එහෙම කිව්වම නම් මිනිහගේ ඇස් ගැස්සුනා..මං උඹට බය නෑ යකෝ..තවත් මොනාද බලන් ඉන්නේ පලයන් යන්න ගස් ඔටු ලබ්බා..

"අයියේ..දැන් පරක්කු වෙනවා කියලා කෑගහල මගෙ මූන දිහා බලන් ඉන්නෙ ඇයි..මං දන්නවා මං ලස්සනයි කියලා..ඔහොම බලන් ඉන්නෙ නැතුව පන්තියට ගියොත් නරකද.."

"උඹ කියනකම් හිටියේ..පොඩි ඇටයා."

ඌ මුල ටික හයියෙන් කියලා අන්තිම ටික හෙමින් කිව්වේ මට ඇහුනේ නෑ කියලා හිතලා වෙන්න ඇති.. මට ඇහුණා යකෝ ඒක..මං උඹ ගැන පස්සේ බලාගන්නම් හැල වදුරෝ...ශිට් අද දේවාත් නෑනේ..හිටියනම් උඹ අද ඉවරාආආඅයි!!!!

ඔබ දිහාWhere stories live. Discover now