🌸🌸
දරාගන්න අමාරු විදිහේ අන්ධකාරයක් මුලු පරිසරයම වෙලාගෙන....
අදුරෙන් තිබුණ ඒ නිහඬ නිවස එක්තරා විදිහක පාලු මූසල කමකින් පිරිල තිබුණ..
මේ ගෙදර එක් කෙලවරකට වෙන්න තිබුණ කාමරයේ මේසයට සවි කර තිබුණ චිමිනි ලාම්පුවටත් කාමරය පුරාවටම විහිදිල ගිය පර්ෆියුම් සුවඳටත් ඒ තිබුණ පාලුව මකන්න යම්තාක් දුරකට පුලුවන් උනත් මුලු ගේ පුරාම පැතිරිලා තිබ්බ ඒ නිහඬ බව නැති කරන්න නම් ඒ කිසිම දේකට පුලුවන් කමක් තිබුණේ නෑ .....
ඒ පාලු බවත් හයංකර බවත් එක්කම එලියෙන් ඇහෙන වැහි බිංදු වැටෙන සද්දෙට කන් දීගෙන කාමරයේ තියෙන ජනේල් වීදුරුව දිගේ ගලාගෙන යන පොඩි වැහි බිංදු කැට දිහා ඔහේ බලාගෙන දැහැන් ගත සිතුවිලි වල අතරමං වෙලා පොත් මේසය ලග ඉදගෙන ඉදිය ඒ ලාබාල වගේම කඩවසම් පිරිමි රුව පියවි සිහියට ආවා වගේ ඔලුව ගසා දැම්මේ දැන් ඔලුවට ආව හැම සිතුවිල්ලක්ම පැත්තකට දාන්න වගේ..
දැහැනෙන් බිදුණු මේ පිරිමි ළමයා මේසය උඩ තිබූණ පෑන අතට අරගෙන තමන්ගේ පාඩම් වැඩ කරගෙන යන්නයි ලෑස්ති වුණේ....
සතුටින් පාඩම් වැඩ කරගෙන ගිය කොල්ලගේ අවධානය නැත්තටම නැති උනේ තමන්ගේ ගෙදර ඉස්සරහින් නතර උන කාර් එකේ සද්දෙටයි...
පොතට බරදීගෙන හිටපු කොල්ලගේ මුහුණේ මෙච්චර වෙලා තිබුණ ලා හිනාව අතුරුදන් වෙනවාත් එක්කම හැකි තරම් තමන්ගේ තරහව පාලනය කරගෙන ඉන්න උත්සහ කරනවා වගේ අතේ තිබුණ පෑන තදකරල අල්ලගත්තේ ඇස් තදින්ම පිය වෙද්දියි...." එයා ආයෙත් එනවා...
මට මේක කරන්න බෑ....මොකද්ද මේකේ තේරුම.....
තමුන් ඇයි මට මෙහෙම කරන්නේ...."
කේන්තියෙන් රතු වෙලා ගිය ඇස් වලින් එහෙම හිතන ගමන් අතේ තිබුණ පෑනෙන් මුලු පොත පුරාම ඉරි ඇන්දේ හරියට උමතුවෙන් වගේ.....මේ ගැටවරයා කොච්චර නම් සිතින් හඩා වැලපුණත් තමන්ට කරන්න කිසිම දෙයක් නෑ කියල එයාගේ හිත දන්නවා...
ඉස්සරහ දොර ඇරෙන හඩත් ටික වේලාවකින් අඩි උසට දාපු සෙරප්පු වල "ටොක් ටොක්" සද්දෙ ඇහුණත් තාමත් මේ පිරිමි ළමයා හිටියෙ රතු උනු ඇස් වලින් මුලු පොත පුරාම කුරුටු බලි අදින ගමන්.....