⚔විසි දෙවන කොටස⚔

76 8 110
                                    

-
-
-
-

"හෙලෝ....මිස්ට පූස්...."

" තමුසෙ ට්‍රිප් එක ආවේ එක එක කෙල්ලො එක්ක හුරතල් වෙන්නද කියනවා......."
එහා පැත්තෙන් ඇහුණ සුගාගේ මාරාන්තික කටහඩට ජිමින්ගේ ඇගේ හිරිගඩුත් පිපුණා....

" මොකක්...?"

" ආයේ කෙල්ලො එක්ක මුකුලු කරන්න ගිහින් තිබ්බොත් මූණ උලනව බිම....."

" ඇහ්...කෙල්ලො එක්ක...කව්ද කතා කරේ...පොඩ්ඩක් පැහැදිලි කරන්න ප්ලීස්....."

" මගෙන් කුණුහර්ප අහගන්නැතුව තියපම් ෆෝන් එක..."

බීප්....බීප්.....

යුන්ගි කෝල් එක කට් කරල දැම්මම ජිමින් ෆෝන් එක දිහා බලන් ඉදියේ සිද්ධ වුණේ මොකද්ද කියල ඔලුවට හරියට ප්‍රොසෙස් කරගන්න.....

' කෙල්ලො එක්ක...කොහෙද යකෝව්ව් කෙල්ලො එක්ක කියව්වේ....මට එච්චර අමාරුවක් නෑ උන් එක්ක මුකුලු කරන්න....හෝව්...හෝව්....පොඩ්ඩක් ඉන්න....මූ මේ කියන්නේ ගෲප් ගේම් පටන් ගන්න කලින් මම කියවපු කෙල්ල ගැන වෙන්න බැරිද...ඒත් ඉතිම් ඒකිව මම දන්නේ ජංගියේ හුජ්ජ දාගන්න කාලේ ඉදලනේ..ඒකි මායි තෙයියයි එක්ක මොන්ඩිසෝරියේ කෝම්පිට්ටුත් හැදුවා.... "

ජිමින් තනියෙම මුමුණ මුමුණ පිස්සෙක් වගේ තමන් ඉන්න රූම් එක පැත්තට යන්න ගත්තා....

" ඒත් කව්ද ඒක බළල් තඩියට කිව්වේ...හෝබියද දන්නෑ....ඌටත් ඕන්නැති පකක් නෑ ....ඉතිම් මම් මොකෙක් එක්ක කතා කරත් ඌට මොකද්ද තියන අමාරුව..... හරි කෙලියක් වුණානේ මේක....මොකද උට එච්චර මල පැනලා.... කතා කරපු කැත විතරක්.... පොඩ්ඩක් හොදින් කතා කරා කියල හෙන ගහනවද..."

දන්නෙම නැතුව ජිමින් රූම් එකට ඇවිල්ල දොරත් වහල දොරට හේත්තු වෙලා තනියෙම කියවනවා..ඇදේ ඇන්දට ඔලුව තියන් ටේ මේ දිහා බලාගෙන ඉදියේ අගහරු වලින් තාරාවෙක් පාත් වෙලා වගේ....

" උබට මොකක් හරි අසනීපයක්ද ජිමින්...."
ටේ අහපු එක ගානකට නොගෙන ජිමින් ටවල් එකත් අරගෙන වොශ්රූම් එකට ගියා....

" මොකද බම් උබට වෙලා තියන්නේ..."
ටේ ආයෙත් ඇහුවම ජිමින් හැරිල ටේ දිහා බැලුවා...

⚔ᥣׁׅ֪ᨵׁׁׅׅׅ᥎ׁׅꫀׁׅܻ݊ ꪱׁׁׁׅׅׅׅ꯱ ɑׁׅ ׅ꯱ᨰׁׅᨵׁׅׅꭈׁׅժׁׅ݊⚔💗🥀Where stories live. Discover now