හයිබ්රිඩ් වර්ගයේ කාර් එකේ බැක් සීට් දෙකට වෙලා වින් වගේම සෑම් ඉදියෙත් එයාලගේ කල්පනා ලෝක වල තනි වෙලා....දෙන්න අතර කිසි සද්දයක් නොව්න තැන මුලින්ම හඩ අවදි කරේ වින්....." මට තේරෙන්නෑ සෑම් ....මොකද්ද අරකි කිව්ව කතාවෙ තෙරුම..."
"මට හිතාගන්නත් බෑ සර්... එතකොට අපිට අහන්න දකින්න ලැබුණ දේවල් මොනවද...."
" මන්දා...මට මුකුත් තේරෙන්නෑ ...."
" මට හිතෙන්නෙ .... දැන් වත් මේ දේවල අවසානයක් තියෙන්න ඕන.."
" ම්ම්ම්..මේ හැමදේම සිද්ධ වුණේ මගේ වරදින් සෑම්....මට එදා එහෙම නොකර ඉන්න තිබ්බා...මට තිබුණා මගෙම නංගිව විශ්වාස කරන්න...ඒ කෙල්ලට එහෙම කරන්න සාධාරණ හේතුවක් තියෙන්න ඇති..."
" හැමදේටම ඔයාට දොස් පවරගන්න එක නවත්තගන්න සර්...."
ටිකකින් වින් සෑම්ගෙ උරහිසෙන් අතක් තියල ටිකක් කෙලින් වුණා....
" උබත් ඔය රගපෑම අත ඇරල ගිහින් කලින් වගේ ජීවත් වෙයම් සෑම්... මේක නෙමෙයි නේද උබ ඉන්න ඕන තැන..."
මුකුත් නොකිව්ව සෑම් ජනේලෙන් අහක බලාගත්තා....
මීට අව්රුදු ගානකට කලින් වෙච්ච දේවල් එකින් එකට වින්ට වගේම සෑම්ටත් මතක් වෙන්න ගත්තේ දැනුවත්ව හෝ නොදැනුවත්ව කොයි තරම් නම් දේවල් එයාලට මග ඇරිලද කියල දෙන්නටම තේරෙන්න යද්දී....
" මට මේ හැමදේම එපා වෙලා සර්..මොකද්ද මේකේ තේරුම..මේ සෙල්ලම කොච්චර නම් කාලෙකට කරන්නද....මම කොහොමද මග ඇරුණු තැන් ආයේ හරිගස්සන්නෙ....."
වින් මුකුත් නොකිය ඇස් දෙක පියාගෙන සීට් එකට බර වුණා....
" උබ හොයල බැලුවේ නැද්ද ඒකිව පොඩ්ඩක්.. සෝල් වල නෑ කියන්නේ ලියා වෙන කොහෙට හරි ගිහින්ද දන්නෑ...."
" කොහේ ඉදියත් දැන් ඒ දේවල් මට අයිති නැතුව ඇති..."
" සෑම් තමුසෙට ඕන තරම් කල් තියනවා... පොඩ්ඩක් හොයල බලනවා...."
" මම මට පුලුවන් තරමෙ හෙව්ව ....
මේ දේවල් නිසා මට මගේ ජීවිතේම නැති වෙලා ගියා...ආයිශ්...."සෑම් කේන්තියෙන් තමන්ගේ කොණ්ඩෙන් ඇදගද්දි වින් හිස් හැගීමෙන් බලන් ඉදිය මිසක් මුකුත් කියන්න ගියෙ නෑ....
![](https://img.wattpad.com/cover/369342568-288-k708941.jpg)