ගිහින් රිසෙප්ශනිස්ට යමක් කියපු සෑම් ඒත් එක්කම වින් එක්ක ආවේ luxurious විදිහට නිම වුණ ඔෆිස් රූම් එකකට....බැලූ බැල්මට ඩොක්ටර් කෙනෙක් කියන්න පුලුවන් කෙනෙක් එක්ක මොහොතක් වෙලා කතා කරපු වින් ඩොක්ටර් ඉදිරිපිට ම චෙක් එකක් ලියල දික් කරාම ටිකක් වෙලා ඒක දිහා බලාගෙන ඉදල වින් දිහා බැලුවා......
ඒත් එක්කම සුළු මොහොතකින් ඩොක්ටර් වින් වගේම සෑම් දෙන්නව එක්කගෙන ආවේ රූම් එකක් ලගට....රූම් එකේ දොර ඇරල දුන්න ඩොක්ටර් වින්ට හිස නමාගෙන එතනින් පිට වුණාම වින් බැලුවේ තමන්ගෙ එහාපැත්තේ ඉන්න සෑම් දිහා...ඒ වෙනකොටත් සෑම් රූම් එකේ දොර දිහ බලාගෙන ඉදපු නිසා වින් දොර ඇරගෙන ඇතුලට ගියා....
හොස්පිට්ල් රූම් එකක් වුණ තරමක් පොඩි රූම් එකේ ඇදට වෙලා ජනේලෙන් පේන ඈත අහස දිහා බලන් ඉදපු ගෑණු කෙනා දැක්කෙ නැ තමන් ලගට එන වින්ව.... ජනේලෙන් එලිය බලාගෙන දැහැන් ගත වෙලා වගේ කෝපි කෝප්පයක් තොල ගාන ගමන් ඉන්න මේ ගෑණු කෙනා දිහා දොර ලග ඉන්න සෑම් පවා බලාගෙන ඉදියෙ සෑහෙන විමසිල්ලෙන්....
ටිකෙන් ටික ගැහැණු කෙනා ලගට ලන් වුණ වින් බොහොම පරිස්සමට තමන්ගෙ කටහඩ අවදි කරා .....
" මිසූයා......"
වින්ගේ කටහඩ ඇහුණත් එක්කම වගේ ගැස්සිල පිටිපස්ස බලපු ගෑනු කෙනා දැක්කේ ඇද ලගට වෙලා හැගීමක් නැති ඇස් වලින් තමන් දිහා බලාගෙන ඉන්න පාක් දිහයි දොර ලගට වෙලා තමන් දිහා බලන් ඉන්න සෑම් දිහයි.....
ඒ දෙන්නක දැක්ක ගමන් කලබල වුණ නිසා එකපාරටම නැගිටල කෝපි කෝප්පෙ පැත්තක තියපු ගැහැනු කෙනා වින් දිහා බැලුවෙ ප්රශ්නාර්ථ බැල්මකින්....
" තමුසෙ?...."
" මිසුයා...පොඩ්ඩක් කලබල නොවී ඉන්න...."
ඒත් මෙ ගැහැනු කෙනා හිටියේ රතු වෙච්ච ඇස් වලින් වින් දිහා එක එල්ලේ බලාගෙන...
" තමුසෙල මොකද කියනව මෙතනට ආවේ...."
" මිසූය...පොඩ්ඩක් මම කියන දේ අහන්න...."
" කිසිදෙයක් අහන්න ඕන නෑ මට...යනව යන්න මෙතනින්...."
වින් කොච්චර ඉවසීමෙන් කතා කරන්න හැදුවත් මේ කෙනා එක්ක ඒක ලේසි වුණෙ නම් නෑ .....
![](https://img.wattpad.com/cover/369342568-288-k708941.jpg)