⚔විසිහය වන කොටස ⚔

122 11 58
                                    

*
*
*
*

" සර්....මොකද්ද ඇත්තටම වුණේ...."
Mr.Park ගේ බැරෑරුම් මූණ දැකල සෑම් ඇහුවම කල්පනාකාරීව මේසෙට තට්ටුවක් දාපු පාක් සෑම් දිහාවට හැරුණා....

" මොකක් හරි අව්ලක් වෙලා තියනවා...."

" ඒ කිව්වේ සර්...."

" මට හිතෙන්නේ මේක ගැන කව්රුම හරි කෙනෙක් දන්නවා..."

" සර් කියන්නෙ අපේ වැඩේ අව්ල් වෙලා කියලද ...."

" තමුසෙට පිස්සුද මිනිහෝ...."

" එ..එහෙනම්....සර්..."

" ජන්කුක්ට එෆෙයා එකක් තියනවා ..."

" මොකක්..අර පොඩි කොල්ලට...."
සෑම් කියපු දේ ඇහුණම පාක්ට ඉබේම හිනාවක් ආවා...

" පොඩි නෑ සෑම්..එයාලට දැන් අව්රුදු දහ අටක්....."

" දහඅට කියන්නේ මහ ලොකු වයසක් නෙමෙයිනේ....."

" සෑම් තමුසෙට අමතකද මීට අව්රුදු ගානකට කලින් අපිත් තනි තීරණ ගත්තේ ඒ වයසෙදිමයි කියල....."

ඒ කතාව අහපු සෑම්ගේ මූණ අදුරු වෙලා ගියාම පාක් ඉදන් හිටපු තැනින් නැගිටල කැබින් එකේ පැත්තකට වෙන්න තිබ්බ වීදුරුවෙන් ඈත පේන ඩේගු නගරය දිහා බලාගත්තා....

" ඒක මහ ලොකු වයසක් නොව්නත් ඒ වයසෙදි තමයි ඕයි... මේ හැමදේම පටන් ගත්තේ ....."
සෑම්ගෙන් උත්තරයක් නොවෙද්දී ආයෙත් එලිය බලාගත්ත Mr.Park කතා කරන්න ගත්තා...

" ඒ කොහොම වුණත් දැන් අපිට මේක ලේසි වෙන එකක් නෑ..."

" ඇයි සර්....."

" ඇයි අහන්නේ ඕයි...තමුසෙට තේරෙන්නෙ නැද්ද දැන් කොල්ල ගැන අවධානෙන් ඉන්න කෙනෙක් ඉන්නව කියල අනික..."

" මම ආවේ වැරදි වෙලාවක වගේ...."

සෑම්ට කෑ ගගහ ඉදපු පාක් වගේම සෑමුත් බැලුවේ කැබින් එකෙ දොර දිහා...දොර ලගට වෙලා හිටගෙන Mr.Kim ව දැක්කම පාක්ගේ මූණට හිනාවක් ආවා...

" යූ බින්... මම හිතුවෙ නෑ උබ මෙච්චර ඉක්මනට එයි කියල...."

" ඉක්මනට ආවා මගේ කොල්ලො දෙන්නවත් බලන්න එක්ක...."

ඒත් එක්ක සෑම් දිහා බලපු පාක් ඉගි කරපු දේ තේරුම් ගත්ත සෑම් ඔෆිස් ඒකෙන් පිට වුණා....

⚔ᥣׁׅ֪ᨵׁׁׅׅׅ᥎ׁׅꫀׁׅܻ݊ ꪱׁׁׁׅׅׅׅ꯱ ɑׁׅ ׅ꯱ᨰׁׅᨵׁׅׅꭈׁׅժׁׅ݊⚔💗🥀Where stories live. Discover now