⚔ පස් වන කොටස⚔

104 13 24
                                    

"ඇයි මේ ඇස් රතු වෙලා....."

මම ඔලුව උස්සල බැලුවේ කීයවටවත් බලාපොරොත්තු නොව්න කටහඩක් ඇහුණ නිසා....

මොකා.... මගේ කන් දෙකේ අව්ලක්ද...
නෑ නෑ එහෙම වෙන්න බෑ..කුකී කොහොමද මෙතන ඉන්නේ....

ආපු කෙනා දිහා බලන් ඉදියේ මේ එයාමද කියල හිතාගන්න බැරුව...

ඔව්ව් කුකී තමයි ...ඒත් එහෙම වෙන්න පුලුවන් ද...මේ මිනිහට මාව පේන්න බැරි එකේ මෙතන මොකද කරන්නේ...

කුක්- ...ජන්කුක්...."

වාඩිගෙන ඉදපු බංකුවෙන් නැගිටින ගමන් මම එහෙම ඇහුවේ සාමාන්‍යයෙන් science එකේ උන් maths එක පැත්තේ පස් පාගන්නවත් එන්නෙ නැති නිසා...තව පොඩ්ඩෙන් කුකී කියලත් කියවෙනෝ..

ඒත් කුකී කරේ ඇස් බෝල කරගෙන මගේ දිහා බලන් ඉදපු එක...
මේ මනුස්සය මෙහෙම බලන් ඉන්නකොට මාව නිකම් දිය වෙලා යනව වගේ...මගේ ඇස් දෙක රතු වෙලා කිව්ව නේද දැන් ..මලෝත්තයි...මම අඩල කියල හිතයිද දන්නෑ මූ....
ඉව්ව් එහෙම අඩනවද කොල්ලො මම...
ඊයේ රෑ හරියට නින්ද ගියේ නැති නිසානේ මේ සේරම..ඔව්ව් ඉතිම් ඒකට වග කියන්න ඕනෙත් උබම තමයි ජන්කුක්...

අනේ මූ මෙහෙම එක දිගට මගේ මූණ දිහා බලන් ඉදියොත් නම් මම මූව බදාගෙන ඉඹගෙන ඉඹගෙන යයි

නෑ ..නෑ ...තෙයියෝ ඕක නම් කරන්න එපා...ඔහොම බලන් ඉදියට ඕක උබට කැමති නෑ.... හිත දමනය කරගන්න....පුලුවන් තරම් ඔය බැල්ම මග අරින්න...

"මො..මොකද ඔහොම බලන්නේ.."
කොල්ලගේ බැල්ම දරාගෙන ඉන්න බැරි කමටම මම එහෙම ඇහුවේ මේ මනුස්සය ඉන්ටවල් එක ඉවර වෙනකම්ම ඔහොම බලන් ඉදීද කියල සැකයක් ආපු නිසා...

බැරි වෙලාවත් මේකට සැක හිතිලද මම ඌට කැමත්තෙන් ඉන්නව කියල ...
එක අතකට ඉතිම් එහෙම නොහිතෙන එකකුත් නෑ ...නැත්තම් ඉතිම් නම්බරේ හොයාගෙන මැසේජ් දාන්නේ වෙන මොන පුපේ අමාරුවකටද..
ඒ කියන්නෙ මෙයාට ඒක තේරිලද...
අනේ දෙවියනේ මාව මෙතනින් අතුරුදන් කරන්න...පින්සිද්ධ වේ...

" එව්වයින් වැඩක් නෑ...." මම අහපු එකත් එක්කම මගේ දිහා එක එල්ලේ බලන් ඉදපු එක නතර කරපු කුකී
"අද ඔයාලගේ chemistry උගන්නන සර් ආවේ නැති නිසා අපේ සර් මේ නෝට් එක දෙන්න කිව්වා. සර් පන්තියට බලන්න එනව කිව්ව ඒ නිසා හැමොටම අනිවාරෙන් ඕක ලියන්න කිව්වා.. ඒක දීල යන්නයි මම ආවේ...." එහෙම කියල තඩි නෝට් එකක් මට දිග් කරා.... එහෙනම් ඒක තමයි මේ පැත්තට ඇවිත් තියන්නේ...කවදාවත් නැතුව...

⚔ᥣׁׅ֪ᨵׁׁׅׅׅ᥎ׁׅꫀׁׅܻ݊ ꪱׁׁׁׅׅׅׅ꯱ ɑׁׅ ׅ꯱ᨰׁׅᨵׁׅׅꭈׁׅժׁׅ݊⚔💗🥀Where stories live. Discover now