⚔දහතුන් වන කොටස⚔

73 9 47
                                    

No one pov;

ඇදට වෙලා සිවිලිම දිහා බලාගෙන ඉදපු ටේට නම් මේ මොහොතෙ නින්ද අහලක වත් තිබුණේ නෑ....
අද දවසෙ සිදු වුණ සිදුවීම් එකින් එක කොල්ලට මතක් වෙන්න ගත්තා...

උදේ එකපාරටම කුකීට සිහිය නැති වුණා කියල ආරංචි වුණ විදිහ....
ටේ පිස්සුවෙන් වගේ කුකීව බලන්න යනකම් ඒ ගැනම හිත හිත ඉදපු විදිහ.... හොස්පිට්ල් එකේදි කුකී හොදින් කියල දැක්ක ගමන් ටේට දැනුන සැනසීම...
කුකීගේ ලගට ගිහින් කොල්ලගේ මූණ දිහා හුගාක් වෙලා බලන් ඉදපු විදිහ...
ඒ වගේම ඒ රෝස පාට කම්මුල් වල මාපට ඇගිල්ල එහෙ මෙහෙ අරගෙන යනකොට ටේගේ අතට දැනුන සිනිදු බව... ඒත් එක්කම කුකීගේ ෆෝන් එකට කෝල් කරපු ගැහැණු ළමයා....

එකින් එක මතක් වෙන්න ගත්තම ටේට නින්දක් අහලකටවත් නොඑන එක පුදුමයක් නෙමෙයි.....

' කව්ද ඇත්තටම ඒ කෙල්ල...
ෆොටෝ එකේ විදිහට වැඩි වයසක් නම් වෙන්න විදිහක් නෑ... බැරි වෙලාවත් එයා.... කුකීගේ....
ආයිශ්...එහෙම වෙන්නේ කොහොමද...ඌ ඉන්න විදිහට කෙල්ලෙක් බලාගන්න පුලුවන් ද ඕකට... ඌත් පොඩි එකෙක් වගේ...
යී.....විකාර වගේ දැන් නම්....
කොල්ල පරිස්සමින් ගෙදර ගියාද දන්නෙ නෑ...
අව්ලක් වෙන්න විදිහක් නැ...සර් එක්කනේ ගියේ....
කොල්ල හොදින්ද කියල කොහොමද දැනගන්නේ'

ඔය දේවල් කල්පනා කර කර ඉද්දි එක පාරටම දෙයක් මතක් වුණා වගේ ටේ ඇද ලග තියෙන ෆෝන් එක අතට අරගත්තා....

💗MINE....BUNNY💗🐰

>>ඔයාට ප්‍රශ්නයක් නෑ නේද කුකී...

කොල්ල හැදුවේ මැසේජ් එක දාල නිදාගන්න... මොකද මේ කෙලාවට කුකී ඔන්ලයින් ඉන්නව අඩුයි කියල ටේ හොදාකාරවම දන්නවා..ඒත් හිතුවෙ වත් නැති විදිහට ඒ මොහොතෙම කුකී ඒ මැසේජ් බලල තිබ්බා.....

කුකී මෑසේජ් සීන් කරල කියල ටේ දැක්ක වුණත් කිසිම රිප්ලයි එකක් ආවේ නැති නිසා ටේ එච්චර ගණන් නොගත්තේ ඒක ඉතිම් සාමාන්‍යයෙන් වෙන දෙයක් නිසා...

කමක් නෑ කියල හිතල ටේ ෆෝන් එක පැත්තකින් තියන්න හැදුවත් හිතුවෙ නැති විදිහට ටේගේ ෆෝන් එකට ආවේ කෝල් එකක්....

💗MINE....BUNNY💗🐰

>>>> calling ......

ටේට හිතාගන්න බැරි වුනා...මේ වෙලාවේ කොහොමටවත් කුකීගෙන් කෝල් එකක් ටේ බලාපොරොත්තු වුණේම නෑ...
එහා පැත්ත හැරිල නිදන් ඉන්න ජිමින් දිහා බලපු ටේ බෙඩ්ශීට් එක ඔලුවෙ ඉදන් පොරවගෙන කොට්ටයක් තුරුල් කරන් කෝල් එක answer කරා..

⚔ᥣׁׅ֪ᨵׁׁׅׅׅ᥎ׁׅꫀׁׅܻ݊ ꪱׁׁׁׅׅׅׅ꯱ ɑׁׅ ׅ꯱ᨰׁׅᨵׁׅׅꭈׁׅժׁׅ݊⚔💗🥀Where stories live. Discover now