⚔විසිපස් වන කොටස⚔

126 12 93
                                    

*
*
*
*

" ඔයා ....?"

" ජිමින් ?..."

" ඊසාක් මොකද මෙතන කරන්නෙ..."

ජිමින් අහපු දේට මුකුත් නොකිව්ව ඊසාක් බයවෙලා වගේ කොල්ල දිහා බලන් ඉදියා...

" අහ්ම්..මේ...ජිමින් ඇයි මෙතනට ආවේ..."

" මම ආවේ කෝල් එකක් ගන්න...තමුසෙට මේ මහ රෑ මෙතන එන්න තිබ්බ වුවමනාව මොකද්ද..."

ටිකක් ඉස්සිල ජිමින්ගේ උරහිස උඩින් ඊසාක් පිටිපස්ස බැලුවම ජිමිනුත් බැලුවේ පිටිපස්ස හැරිල බැලුවා...

" තමුසෙ මොනවද හොයන්නෙ..."

" අහ්ම්..නෑ මේ...හාවෙක් දුවන් එනව දැක්ක...මම උගෙ පස්සෙන් ආවේ ..."

ඊසාක් දිහා සැකෙන් වගෙ බලපු ජිමින් ආයෙත් පිටිපස්ස හැරුණා....

" මටත් සද්දයක් ඇහුණ තමයි.... උබ නිදාගන්නෙ නැද්ද..."

" නිදාගන්න තමයි හැදුවෙ...කොහෙද කිසි වැඩකට නැති හාවෙක් නිසා ඒකත් නැති වුණා...."
ජිමින් ට පිටිපස්සෙ තියෙන ගහ දිහා බලාගෙන ඊසාක් කිව්වම ඔලුව දෙපැත්තට වවනපු ජිමින් බැලුවෙ ටේ ජන්කුක් දෙන්න දිහා...ජිමින් ඉන්න තැනට ඒ දෙන්නව පේන්නේ ලාවට වගේ...ඒ නිසා ඊසාක්ට ඒක වැඩිය පෙනුනෙ නෑ...

ජිමින් ටෙන්ට් එක පැත්තට යන්න ගියාම ඊසාක් ජිමින්ගෙ පස්සෙන් යන්න ගත්තා..මගක් දුර ගිහින් ඊසාක් හැරිල බැලුවේ ගස් අතරින් ලාවට වගේ පේන එකිනෙකා වැලදගෙන ඉන්න ටේ ජන්කුක් දෙන්නගේ චායාව දිහා...

*
*
*
*
*

" ඒක නෙමෙයි ටේයෝනා...එතකොට ඔයා මට කැමති වුණේ එදා රැග් කරන්න ආපු දවසේ ඉදන්ද...."

" හ්ම්ම්...එදා තමුසේ ඒන්ජල් කෙනෙක් වගේ ඕයි...මගේ මූණට ලන් වෙලා හිනා වුණ විදිහ.."
ජන්කුක්ගේ කම්මුලක් මිරිකන ගමන් ටේ කිව්වම කොල්ල ඇස් පුංචි කරගෙන
හිනා වුණා...

" වෙන උන් එක්ක නම් උබ ඔහොම හිනා වෙන්න එපා...."

" හිනා වෙනව ඇයි...තමුසෙ මොනව කරන්නද..."

" කරන දේ බලාගන්නවකො එහෙනම්...ඒක නෙමෙයි...කුකී..උබට කවද ඉදන්ම මන් ගැන කැමත්තක් ඇති වුනේ..."

⚔ᥣׁׅ֪ᨵׁׁׅׅׅ᥎ׁׅꫀׁׅܻ݊ ꪱׁׁׁׅׅׅׅ꯱ ɑׁׅ ׅ꯱ᨰׁׅᨵׁׅׅꭈׁׅժׁׅ݊⚔💗🥀Where stories live. Discover now