-
-
-
-ජන්කුක් ජින්ව හොයාගෙන ඩයිනින් හෝල් එකට යනකොට ඊට පිටිපස්සෙන් සෝහුත් ආවා...ජින් ඉදියේ ජීනු එක්ක අයිටම් වගයක් ලෑස්ති කරන ගමන්...ජන්කුක් එනව දැක්ක ජින් කොල්ල දිහා බලල හිනාවක් දැම්මා.....
" සර් මට කතා කරේ ....."
" අහ් ජන්කුක්...කතා කරේ නම් නෑ ඒත් මම ඔයාව හොය හොය ඉදියේ...සෝහුත් ඉන්න එක හොදයි...දෙන්නම මේ ටික අරන් යන්නකෝ ප්ලේ ඒරියා එක පැත්තට...."
එකට ගොඩ ගහපු පුටු කන්දරාවක් පෙන්නල ජින් කිව්වම ජන්කුක් ඇස් උස්සල බැලුවේ මේ මොන මරාලයක්ද මේ පාත් වුණේ කියල හිතලා...
ඊට පස්සෙ ජන්කුක් හැරුනේ සෝහුගේ පැත්තට...." තමුන් මට-,"
" එන්න ජන්කුක්...අපි මේ ටික අරන් යමු...."
ජන්කුක් අහන්න යන දේ ඉවෙන් වගේ තේරුම් ගත්ත සෝහු පුටු ටිකකුත් අරන් ගියාම ජන්කුක් පුටු ගොඩ දිහා බලන් ඉදියේ කරකියාගන්න දෙයක් නෑ වගේ...." ඔහොම බලන්න එපා ජන්කුක්...මේ ඔක්කොම ඔයා අරන් යන්න ඕනේ නෑ..පුලුවන් තරමක් අරන් ගිහින් ඉතුරුව ගන්න තව ලමයිට එන්න කියන්න...."
ජන්කුක් ඉන්න විදිහ දැකල ජීනු හිනා වෙවී කිව්වම කොල්ලාත් හිනාවක් මූණට අරන් පුටු ටිකක් උස්සන් යන්න ගියා...
" ඕක ගොඩක් බරයි ජිනූ...මම අරන් යන්නම්...ඔයා අර මයික් දෙක අරන් එන්න..."
ජීනු අතේ තිබ්බ පොඩි පොඩි බෝල පුරවපු බොක්ස් එක ජින් අරගන්න ගමන් කිව්වා....." ඉක්මනට එන්න ජීනු මම යනව එහෙනම්...."
බොක්ස් එකත් උස්සගෙන ජින් එහෙම කියාගෙන යන දිහා ජිනූ බලන් ඉදියේ කියාගන්න බැරි සතුටකින්...." ඔයා මන් ගැන වද වෙනව ජින්...මම ඒකට හරි ආසයි..."
ජින් යන දිහා බලාගෙන ඉන්න ජිනූට නිකන්ම කියවුණා...
*
*
*
*
*
*පුටු ටික ප්ලේ ඒරියා එකට අරන් යන ගමනුත් ජන්කුක් වටේට බැලුවේ ටේ පේන්න ඉන්නවද කියල... ඒත් පේන මානෙක ටේගේ හෙවනැල්ලක්වත් නොතිබ්බ නිසා කොල්ලට පොඩි සහනයක් දැනුනා...පුටු ටිකත් තියල අනිත් පුටු ටික අරන් යන්න කියල තව ලමයි ටිකකට කියපු ජන්කුක් හෝසොක්ලව හොයාගෙන යන්න හැරුණා....
ඒත් කොල්ලගේ ගමන නැවතුනේ පිටිපස්සෙන් ඇහුණ කටහඩට....