⚔ දහවන කොටස ⚔

87 10 15
                                    


No one pov:

" ඔන්න ඔයාගේ කෑම එක හොබ්බෝ...."

"තමුන් කවද ඉදන්ද එක එකාට සර්වන් කම් කරන්නේ.... "

ජිමින් ඇවිත් හොබී ඉස්සරහින් කෑම එක ගෙනල්ල තියනව දැකල සුගා ඇහුවා....

" ආහ්..." ජිමින් ට හිතාගන්න බෑ සුගා අහපු එකේ තේරුම...

" තමුසේ මොකද එහෙම අහන්නේ..මට ඕනෙ නම් මම ගේනව ඇයි මොකෝ...."

" ජිමින් කට වහපම් උබට අමතකද මූ සීනියර් කෙනෙක් කියල..."
මෙතන යුද්ධයක් පටන් ගන්න කලින් ටේ ජිමින් ගේ කනට කරල කිව්වේ එහෙම

" ඉතිම් මට මොකෝ මොකෙක් උණත්..."

" හෝ..හෝ....මෙතන කලබල කරන්න දෙයක් නැ....ටේ ජිමින් ඔයාල ඇවිත් වාඩිවෙන්නකෝ මෙතනින්.... එන්න...."

හොබී එයාල ලග පුටු දෙකක් පෙන්නල කිව්වා....කුකී තාමත් කෑම එකට මූණ ඔබාගෙන සද්ද නැතුව ඉන්නවා...
ජිමින් වාඩිවුණේ හොබීගේ ඉස්සරහින් වෙනකොට ටේත් හරියටම වාඩු වුණේ ජිමින්ට එහා පැත්තෙ..ඒකත් කුකීට ඉස්සරහින්....

කුකී දිහා බලාගෙනම ටේ ඇවිත් ඉස්සරහ පුටුවෙන් වාඩු වුණත් කුකී කරේ හ්ම්ම් සද්ධයක් නැතුව පිගාන දිහා බලාගෙන කෑම කාපු එක...

" හොබී...උබ කොහොමද මුන් දෙන්නව දන්නේ.... ඇයි මුන්ට අපිත් එක්ක කන්න එන්න කිව්වේ...."

" අයියෝ හ්යොන්...ඊයේ මම අම්ම එක්ක ටිකක් ඇවිදින්න පාක් එක පැත්තේ ගියාම මෙයාල දෙන්නත් පාක් එකට වෙලා ඉදියා... ඉතිම් අපි එතනදි කතා බහ කරල අදුනගත්තා..අපේ අම්මත් මෙයාල එක්ක ගොඩක් දේවල් කතා කරා..නේද ටේ...."

හොබී ගානක් නැතුව ලස්සන කතාවක් ගොතල ඇත්ත වගේ කිව්වම කකා ඉදපු කුකී වගේම සුගත් හොබී දිහා බැලුවා...

" මුන් දෙන්න මොකද පාක් එකේ කරේ..."
ඒ ප්‍රශ්නේ ඇහුවේ සුගා....

" ලව් කරන්න ගියා..ඇයි ඔයාටත් එන්න ආසද....එනෝ මෙත- ආව්..කොනිත්තන්න එපා ප#යා..."

ජිමින් ට ඉතුරු ටික කියන්න හම්බුනේ නැත්තේ ඊට කලින් ටේ මේසෙ යටින් අතදාල ජිමින්ගේ අත කොනිත්තපු නිසා...
තව බනින්න ගියත් ටේ රවාගෙන ඉන්න මූණ දැක්කම මුකුත් නොකිය ඉන්න එක හොදයි කියල ජිමින් කට වහගත්තා....

⚔ᥣׁׅ֪ᨵׁׁׅׅׅ᥎ׁׅꫀׁׅܻ݊ ꪱׁׁׁׅׅׅׅ꯱ ɑׁׅ ׅ꯱ᨰׁׅᨵׁׅׅꭈׁׅժׁׅ݊⚔💗🥀Where stories live. Discover now