Flashback:
No one pov;
" මේ ඕයි කුකි....."
" කියපම්...."
" මේ පැත්ත හැරියන්කෝ...."
" මිස් බලන් ඉන්නෙ හු#තො..කියන එකක් කියපම් ඉක්මනට....."
" අනේ බම් හැරියන්කො...."
" මගුලක් කතා කරන්න එපා ගස් ලොදයා...මිස් මේ පැත්ත බලාගෙන ඉන්නේ."
කුකී කිව්ව දේ එක්ක හොබී කටවහගත්තා....
මෙච්චර වෙලා කුකීගේ පිටිපස්සට වෙලා මිස් ෆිසික්ස් උගන්න උගන්න ඉන්න වෙලාවේ හොරෙන් Bio නෝට් වගයක් ලියන්න ගත්ත හොබී කුකීට ඇන ඇන කතා කරත් මිස් බලන් ඉන්න නිසා කුකී ඒ පැත්ත හැරුණේ නෑ....
" උබට ඕනේ නැත්තම් මට කමක් නෑ ඉතිම්...මම චොකලට් එකක් ගෙනවා කෑල්ලක් දෙන්න කතා කරේ...උබට එපානෙ.."
හොබී කිව්ව විතරයි එසැනින්ම දත් ටිකත් විරිත්තගෙන කුකී පිටිපස්ස හැරුණා..." කෝ කෝ දීපම් ඉතිම් ...කලින් කියන්නෙපැයි මා අම්මා...."
" ඔන්න මිස් බලාගෙන ඉන්නේ අනිත් පැත්ත හැරියන්...."
දැන් හොබී කුකීගේ වචන වලින් කුකීටම ගහනෝ...." මිස්ට ඔව්ව පේන්නෑ..කෝ දීපම්... ඉක්මනට...."
" දැන් උබට එපා කිව්වනේ...මිස් දැක්කොත් බැනුම් අහයි...අනිත් පැත්ත හැරියන්..."
නෝට් එක ලියන ගමන් හොබී සාක්කුවේ දිබ්බ චොකලට් එකෙන් තඩි කෑල්ලක් කටට දාගත්තා...කුකී ඒක දිහා බලාගෙන අසරණ විදිහට කෙල ගිලිනවා...
" මම එපා කිව්වේ නෑනේ කෝ දීපම්..."
කුකී චොකලට් එක ගන්න අත දික් කරාම හොබී එහාට කරේ කොල්ලට ගන්න බැරි වෙන්න..." දෙන්න කතා කරාම බෑ කිව්වනේ..දැන් දෙන්නෙම නෑ..ම්හුක්..."
" උබ නම් මහ තිරිසනෙක්...."
කුකී එහෙම කියාගෙන හොබීගේ ඩෙස් එකට හයියෙන් පාරක් ගැහුවේ පන්තියේ මිස් කෙනෙක් ඉන්නව කියන එකත් අමතක වෙලා..." මොකද ඔය...ජොන් ජන්කුක්...තමුන් මොකද පිටිපස්සෙ හැරීගෙන කරන්නේ...."
කොල්ල අකුණක් ගැහුව වගේ ඉස්සරහට හැරුණා...
