✨ අටවැනි හමුව ✨

266 41 7
                                    

ඊයේ අසයිමන්ට්ස් ඉවර කරලා නිදාගනිද්දි පාන්දර වුනත් අද උදෙන්ම මම යුනි එකට ආවේ සුසා එනවා කිව්ව නිසා. මරු හැබැයි..... මට හය වෙද්දි එන්න කියලා හයයි විස්සටත් ඒ යකා නෑ...... හොඳම යාලුවෝ කියන එකාලා ඔහොම්මයි. උන් කවද්ද ඉතිම් වෙලාවට වැඩක් කලේ.

මම සුසා ශෙයා කරපු එයාගේ ලයිව් ලොකේෂන් එකත් බල බල කොමන් රූම් එකේ ඉඳගෙන ආර්ට් එකක් කරන්න ගත්තේ වෙන කරන්න දෙයක් නැති කමට. මගේ යාලුවෝ  ලඟපාත නැතත් කොයිවෙලෙත් ටැබ් එක මගේ අතේ තියෙනවා. ඒ කියන්නේ එක්කෝ මම toon art එකක් කරනවා නැත්නම් netflix බලනවා.

හය හමාර පහුවෙනකොටම වගේ කොමන් රූම් එකට ළමයි කට්ටියක් ආවත් මම වැඩි අවදානයක් නොදුන්නේ, සිකුරාදට මෙච්චර උදේ එන්නේ රගර් ටීම් එක නැත්නම් බාස්කට්බෝල් ටීම් එක කියලා දන්න නිසයි. කොහොමටත් සද්දෙන් කියන්න පුළුවන් ඒ ආවේ කොල්ලො සෙට් එකක් කියලා.

ටික වෙලාවකට පස්සේ කවුරුහරි ඇවිත් මගේ ඉස්සරහින් ඉඳගත්තත් මම ඒ කෙනා දිහා බැලුවේ නෑ. මම නොබැලුවට මොකද ඒ කෙනා නම් අනිමිසලෝචන පූජාව කරනවා වගේ මගේ දිහාම බලන් ඉන්නවා කියලා මගේ තෙවැනි ඇසට පෙනුනා. තෙවැනි ඇස කිව්වේ මගේ පෝන් එක. ඒක මේසේ උඩ තියෙන නිසා මට ස්ක්‍රීන් එකෙන් පේනවා මගේ ඉස්සරහා ඉන්න කෙනාගේ ඡායාව. ඒත් ඒ මනුස්සයව අඳුන ගන්න තරම් ඒක පැහැදිලි මදි.

"Hey, can u do a toon art for me?"

"I'm really busy right now, sorry."

එතනට ආපු කෙනා කවුද කියලවත් බලන්නේ නැතිව මම එහෙම කිව්වේ මට ඒ කෙනා එතනින් යවාගන්න ඕනි වුන නිසා වෙද්දි ඒ කෙනා පුටුවෙන් නැගිටලා ඇවිත් මේස ගැට්ටෙන් ඉදගත්තේ මගේ දිහාවට ටිකක් බර වෙලා,

"It'll just take a minute. Come on."

"I told u, I don't have the mind to do it,"

ඒ පිරිමි ළමයා සුහදව කිව්වම මම සුහදවම ඒ යෝජනාව ප්‍රතික්ෂේප කලේ එයා දිහාවට හැරෙන ගමන් වුනත් එතන හිටි කෙනාව මම මෙවෙලේ කොහෙත්ම බලාපොරොත්තු උනේ නෑ. මම මේ යුනි එකේ එපාම කරපු අය අතරින් ප්‍රධාන එකා.

අකේන් මගේ කම්මුල අල්ලන්න හදනවත් එක්කම මම ඔලුව පස්සට ගත්ත නිසා අකේන් හිනාවෙලා එතනින් නැගිට්ටේ යන්න කියලා මම හිතුවත් සිද්ධ වුණේ වෙනස්ම දෙයක්. මගේ පුටුව පිටිපස්සෙන් හිටගෙන අකේන් එයාගේ අත් අතරට මාව මැදි වෙන විදියට මේසෙන් අත් තියාගත්තේ එයාගේ උණුසුම් හුස්ම මගේ ගෙලේ වදින විදියට වෙද්දි මම හිටියේ ලොකු අපහසුවකින්.

Traid of HeartsWhere stories live. Discover now