සාමාන්‍ය නොවන නමුත් සාමාන්‍ය සතියකට පස්සේ ආවේ සෙනසුරාදාව. මදැයි කොලා. දවල් වෙනකන් නිදාගන්න තිබ්බ දවස නේත මේ..... කන්දෙක පිරෙන දේශනාවක් අවසානයේ උදේම තාත්තයි මමයි ගියේ නුගේගොඩ රණසිංහ අංකල්ලගේ ගෙදර වෙද්දි කාර් එක කලුපාට රෝලගේට් එකක් ලග නතර කරලා තාත්තා අංකල්ට කෝල් එකක් දුන්නා. ටිකකින් ගේට් එක ඕපන්වෙද්දි තාත්තා වාහනේ වත්තට දැම්මා.
"මම ඒත් බැලුවා පරක්කු වෙද්දි එන්නේ නැතිවෙයි කියලා."
ඒප්‍රන් එකෙන් අත් පිහාගන්න ගමන් ආන්ටි කිව්වේ මිදුලට ඇවිත් අපිව පිළිගන්න ගමන්. හොඳ පරක්කුව.... උදේ හතට කවුද අනේ පරක්කුයි කියන්නේ. අනික මේ නිවාඩු දවසෙත් ආන්ටි මෙච්චර උදෙන් උයනවද අනේ.
"මේ ළමයව ඇහැරවන්න පුදුම කරදරයි නංගී."
"එහෙම තමා ඉතින්. පොඩි ළමයිනේ. එන්න අයියේ ගෙට."
"බෑ නංගී. මම මේ මාතර යන ගමන් මෙයාව දාලා යන්න ආවේ. දුව මම යනවා, ආන්ටිට කරදර නොකර ඉන්න. හවසට බස් එකේ යන්න."
"හරි තාත්තා"
මම ඔලුව වනලා කිව්වම තාත්තා යන්න ගියේ මම ආන්ටි එක්ක ගෙට යද්දි. ලස්සනයි..... ඒ ගෙදර මොඩර්න් වුනත් තිබ්බේ හුරුබුහුටි පෙනුමක්. ටිකක් අපේ මාතර ගෙදර වගේ කියලත් මට හිතුනා. හැබැයි අපේ ගෙදර වගේ තනි වීදුරු ජනේල නෙමි මෙහේ තිබුනේ.
"දෝණි එහෙනම් ටීවී බල බල ඉන්න. මම ඉක්මණින් මැල්ලුම හදලා එන්නම්."
ටීවී රිමෝට් එක අතට දීලා ආන්ටි දිව්වේ කුස්සියට. ටීවී කියන්නේ මම බලන්නෙම නැති දෙයක්. අව්‍රෝරා කුමරිය මාලිගාවට සැපත්වුනත් හරි ටීවී කියන්නේ අපේ ගෙදර අයට සෙලවෙන මනස වගේ. අදකාලේ පොඩි උන් නම් අනේ මන්දා. යූ ටියුබ් වලින් තොර ලෝකයක් නෑ.
සාලේ පුරා ඇහැ යවපු මම ගියේ බිත්තියේ එල්ලපු පින්තූර ටික ලගට. රණේ කපල් එකගේ වෙඩින් පොටෝ එකත් එක්ක තව පිරිමි ළමයෙක්ගේ උපාධි පින්තූරයක් තිබ්බා. මොරටුව යුනි එක. හම්මේ ඉතින් නුග ගහ දැක්ක ගමන් කියතෑකි. මම ඉස්සර පොඩි අයියා යුනි යන කාලේ නිතර ගියානේ එහෙ. ඒත් මට මොරටු යන්න ආසාවක් තිබ්බේ නෑ. මම ආස පේරා. මගේ ආසාවල් පැත්තකට දාලා තාත්තට ඕන දේ නොකරන්න, මමත්
අද පේරා ඉන්න තිබ්බා.
YOU ARE READING
Traid of Hearts
Misterio / Suspensoපරණ ස්ටෝරුවේ තිබ්බ පින්තාරුවේ සුදු රෙදිකඩ අයින් කරනවත් එක්කම තිබ්බ එකම ආලෝකයත් නැතිවෙලා ගියේ කහ බල්බේ වීදුරු කටුවක් මගේ මූණෙත් සීරුම් ළකුණක් ඉතිරි කරද්දි. "දඩස්...." මේසේ උඩ තිබුණ ටෝච් එක ගන්න යද්දි ස්ටෝරුවේ කෙලවරෙන් ඇහුන සද්දයක් නිසා ඒ දිහා බලපු මට...