✨ දසවැනි හමුව ✨

330 41 13
                                    

"ආ....ඔය කලේ වැඩක්. මම කිව්වා ඕක වෙනවා කියලා. පැත්තකට වෙනවා මම ඕක කරන්න."

දැන් පැයක් තිස්සේ අයියා කේක් බැටර් එක හදනවා. තාම බටරුයි සීනියි විතරයි බීට් කලෙත්. අනේ ඉතිම් මම මේක කලා නම් පැය භාගෙන් බැටර් එකත් හදලා අවන් එකටත් දාලා. ඒකට මේකා....... මම කියන මෙලවක් අහන්නෙත් නෑ. මෝඩ හිකනලා.

බටර් එකයි සීනි එකයි බීට් කලාට පස්සේ මම කිව්වා බිත්තර එක ගානේ පොඩි කප් එකකට කඩලා බලලා දාන්න කියලා. අයියගේ තියෙන මණ්ඩුක ජාන බලපෑම නිසා බැටර් එකට කෙලින්ම බිත්තර දාන්න ගිහිං අන්තිම බිත්තරේ කුණු වෙලා තිබ්බ නිසා මුලු බැටර් එකම විසි කරන්න වුණා. හම්නේ ඉතින් මට එන තරහක්.... දැන් ඉන්නවා කිචන් කව්න්ටර් එක උඩ වාඩිවෙලා මල හොල්මනක් වගේ. මහලොකුවට කිව්වේ කොහොමද, මට තනියම කොරන්න ඕන යැයි යැයි. කොරයි මම නැත්තන්.

බැටර් එක අවන් එකටත් දාලා කොෆී දෙකකුත් හදාගෙන මම සාලෙට යද්දි අයියා ආයෙත් කාටුන් බල බල හිටියා.

"ඔයාට කොයින්ද මේවා."

"පොඩි අයියා ගෙනාවේ."

අයියා ඇහුවේ මම කුකී ප්ලේට් එක ටීපෝ එකෙන් තියද්දි.

"වෙන එකක් දාලා ඕනද."

"එපා මමත් ඕකට ආසයි."

අයියගේ අතට කොෆී එක දීලා මමත් සෙටි එකෙන් වාඩි වුනේ කුකී එකකුත් අරගෙන. KDU hospital canteen එකේ චොකෝ චිප් කුකී එක කියන්නේම ආගමක්. අම්මෝ ඒකේ රස. අයියලා එහේ ගියාම මම එයින් බෝතලයක්ම ගෙන්න ගන්නවා. වෙන වෙනම ෆුඩ් ව්‍රැපින් වල එන නිසා සති දෙකක් වගේ තියා ගන්න පුළුවන්. KDU එක පැත්තේ ගියොත් එයින් එකක් කන්න අමතක කරන්නෙපා ළමයි......

🖥️...........................

"වෙඩි තියන්න නම් එපා."

"බය වෙන්න එපා. මං දඩයම් කරන්නේ වෙනස් විදියකට. මං සිංදු කියලා එයාලව එළියට ගන්නවා."

"සිංදු කියන්න."

"එනවා හාවා...// මෙහෙට එනවාද....."

Traid of HeartsWhere stories live. Discover now