✨ පාළොස්වැනි හමුව ✨

203 39 21
                                    

"ගුඩ්මෝනින් ආන්ටි"

මම උදේම නැගිටලා කුස්සියට ගියේ ආන්ටිට උදව් කරන්න. මෙහෙමයි ඉතින් මම සෙනසුරාදා ඇරුනම සතියේ දවසක ගෙදර හිටියොත් අම්මට උදව් කරන්න උදෙන්ම යනවා ඉතිම්. අනික ඉරිදා උදේටයි දවල්ටයි උයන්නේ මම.

"ගුඩ්මෝනින් චූටි දූ. මම මේ අපේ එකාට ගෙනියන්න උයන ගමන්. සෙනසුරාදා වුනත් කොල්ලා මම උයන කෑම ඇරුනම කඩෙන් කන්නෑනේ. මම මේ හොද්ද හැදිගානකන් හොඳ කෙල්ල වගේ අයියගේ කිරි එක හදලා ගෙනිහින් දෙන්නකෝ."

'මටත් රසට හොදි හදන්න පුලුවන් ආන්ටි.මම හොද්ද හදන්න ආන්ටිට බැරි වෙයිද කිරි එක අරගෙන යන්න.'

එහෙම හිතුවට මම ඕවා කියන්න ගියේ නෑ ඉතින්. හිතෙන හැමදේම කියන්න පුලුවන් උනානම් කොයිතරම් දෙයක්ද. මම හා කියලා සෙන්පති නිදිකුම්භා'ස්ගේ කිරි එක රත් කරගෙන ට්‍රේ එකෙන් තියා ගත්තේ ලෙමන්පෆ් වගේකුත් එක්ක. අනේ ඉතිම් මේ මනුස්පයට පිටි කිරි බොන්න බැරි නිසා, උදේම මාමා කෙනෙක් නැවුම් එළකිරි ගෙදරටම ගේනවා. පුදුම පුරුදු තමයි මේවා. රජ වාසල කුමරියටත් නැති සැලකිලි තමා සෙන්පතියට තියෙන්නේ....

මම අයියගේ කාමරේ දොරට ගැහුවත් දොර ඇරියේ නැති නිසා දොර ඇරගෙන ඇතුලට ගියා. සැක්.... තාම ගොරව ගොරව නිදි. දැන් වෙලාව හතටත් කිට්ටුයි නේද... අද කෑම්ප් යන්නේ කීයටද දන්නෑ....... මම කිරි එක බෙඩ්සයිඩ් ටේබල් එකෙන් තියලා අයියට කතා කලා.

"අයියේ..... අයියේ....... හැගිටින්න....."

"අයියෙ නැගිටින්න"

"අයියේ......"

මම දැන් දහ පාරකට වඩා මේකට කතා කලා. ඒත් නිදි. පුදුම නින්දක්නේ මේක. මම මෙච්චර සද්දෙන් කතා කරලත් ඇහැරෙන්නෑ කියන්නේ අයියා මනුස්සයෙක් වෙන්න බෑ. බලලා බලලා අයියා නැගිටින පාටක් නැති නිසා මම ආන්ටිට කතා කලා.

"ආන්ටි....... අයියා නිදිනේ..... කතා කලාට ඇහැරෙන්නෙත් නෑ...."

"ඔන්න ඕකාගේ පිට මැද්දෑවට දෙකක් දීලා හරි ඇහැරවන්න දූ.... මම මේ චිකන් කපනවා."

වූහූ...... වට් අ නයිස් චාන්ස් 😎 දෙන දෙයියෝ ගේ ඇතුළටම ගෙනත් දෙනවා කියන්නේ මේවට නෙමිද අපේ හාමුදුරුවනේ... අද අයියගේ පිටේ ඇගිලිපාර හිටින්න දෙන්න ඕන හොඳ ෂොට් එකක්. හිත පිනායන ප්‍රීතියෙන් මම අත කරකවලා අයියගේ පිටට රිදෙන්න පාරක් දුන්නත් අයියා නෙමි නැගිට්ටේ. සැක්.... මේකාගේ සංවේදන ඉන්ද්‍රීන් දුර්වල වෙලාවත්ද.

Traid of HeartsWhere stories live. Discover now