✨ දාසයවැනි හමුව ✨

211 38 15
                                    

"මේ ගමන යන්න ඕනෙමද බං."

"ආච්චම්මගේ දානේ නොවෙන්න මට නම් මේ ගමනෙන් දැන් සත එකක වැඩක්නෑ."

"අපි ඉල්ලන් කෑව සීන් එකක් උනේ."

"එක අතකට මේ ගමන නිසා අයියලගෙයි තාත්තලගෙයි සම්බන්ධේ ගැන දැනගන්න ලැබෙයිනේ."

"අනේ මේ... ඔය කිව්වට උබ ආසයිනේ ඒ ඩබල එනවට. ෂේන් අයියා කෙසේ වෙතත් හාරුන් අයියා එනවා කිව්වොත් උබ අපායට හරි යනවනේ."

"හරි හරි බම්. ඒත් අපි යන වැඩේ කරගන්න බෑනේ ඒ ජෝඩුව ආවම."

"මම ඒකනේ ඊයෙත් කිව්වේ. අපි ඒ දෙන්නාට සිහිනැති වෙන්න මොනාහරි ඉන්ජෙක්ට් කරලා, ගැටගහලා දාලා අපේ ගමන යමු."

"ඒ..... උබර්ට සයිකොද බම්..... උබ ආයේ අර මගුල් පොත් කියවන්නෙපා. ඒවා කියවලම උබේ ඔලුව විකාර වෙලා. කවද හරි දවසක උබ මිනියක් මැරුවා කියලා ආරංචි වුනොත් මම නම් පුදුම වෙන්නෑ."

"අනේ මේ... ඒ පොත් කියෙව්වා කියලා මම නරක් වෙලා නෑ. අනික ඔයා අහලා නැද්ද තිමී කතාවක් තියෙනවා, ඕනෙම දෙයක් අධිමාත්‍රාවෙන් ගත්තට පස්සේ ඒ දේවල් වලට ආසාවක් නැති වෙනවා කියලා. මමත් ඒ වගේ. අධිමාත්‍රාවෙන් පොත් කියවලා මට දැන් ඒවට ආසාවක් නෑ."

"ඒක ඇත්ත. සයිකෝ සයිඩ් එක කොහොම වුනත් උබර් රොමෑන්ස් අතින් නම් අධිමාත්‍රාවටම කියවලා තියෙනවා. ඒකනේ ඊයෙත් වොමිට් වුනේ. දිගටම ඔහොම වෙන්න ගියොත් යුනි එකේ ලමයි හිතයි උබ ප්‍රෙගෝ වෙලා කියලා."

"චිප්..... කැත කතා කියන්නෙපා තිමී. මලක් වගේ ඉන්න මට නේත ඔයා මේ අපහාස කරන්නේ. මම පියාණන්ට පැවසුවොත් ඔහු එක් කඩු පහරකින් තොපේ ගෙල සිඳ දමාවි."

මම රජකාලේ වගේ දෙබසක් කියලා අතුගගා හිටපු කොස්ස උස්සලා කඩු පහරින් ගෙල සිදින හැටි රගපාලා පෙන්නුවේ තිමී හයියෙන් හිනාවෙද්දි. අද අපි දෙන්නා විතරයි ගෙදර. බාප්පයි පුංචියි ඩුබායි ගිය නිසා මටත් තිමී එක්ක බාප්පලයි ගෙදර ඉන්න ටිකට් ලැබුනා. මෙහෙම දවසට ඉතින් අපි දෙන්නා මේ වගේ ආතල් තමා ගන්නේ.

"එම්බා හැතිරිය. තී සිතන්නේ මා මහරජුට  බිය වී යැයි නම් එය තී කර ගන්නා මහත් විසල් වරදකි."

Traid of HeartsWhere stories live. Discover now