"පුලුවන් නම් ගහනවා බලන්න..... තමුසෙ කවුරු කියලද හිතන් ඉන්නේ මට ගහන්න......"
මම කිව්වේ කදුලු අතරින් අයියගේ ඇස් දිහා එක එල්ලේ බලාගෙන වෙද්දි මගේ කතාවට අයියගේ ඇස් ගැස්සිලා ගියා. ඒත් එහෙම උනේ මගේ කතාවටද නැත්නම්..... අපේ ඇස් ගැටුන නිසාද......
"එක එකා එක්ක මගුල් නැටුවට තමුසෙට කවදහරි ගහන්නේ මම තමයි."
අයියා කිව්වේ මගේ ඇස් මග හැරලා වෙනතක් බලන ගමන් උනත් ඒ ඇස් වල තිබ්බ තරහා මාව අළු කරලා දානවා වගේ දැනෙනවා.
"හ්ං.... මට ගහන්න.... හීනෙන් තමයි..... තමුසෙ දන්නෑ අයියේ මම කවුද කියන්න."
මම අයියව තල්ලු කලාම, බලාපොරොත්තු නොවුන වෙලාවක වුන දේ නිසා අඩි දෙකක් පස්සට ගියත් ඊළග මොහොතේ එයා මාව ආයේ පුටුවටම තල්ලු කරලා දැම්මා.
"අරූ එක්ක තියෙන සම්බන්ධේ මොකක් උනත් ඒක අදම, මේ දැන්ම නවත්තපන්."
අයියා කිව්වේ දත්කූරු කමින්. ඒ මූණේ තියෙන්නේ බලන්න බය හිතෙන තරම් රළු, නපුරු පෙනුමක්. ඒ නපුරු ඇස්, නහර පෑදුන අත්, ගැඹුරු හඬ.......... මීට කලින් මම ඕන තරම් පිරිමින්ගේ මේ ලක්ෂණ දැකලා තිබ්බත් අයියගෙන් පේන මේ දේවල් මගේ හිතට ගෙනාවේ අමුතුම හැඟීමක්. ඒත් ඒ ගැන හිතන්න තියා එක සැරේම සිද්ධවෙච්ච මගේ වෙනස්වීම ගැන වත් මට මේ වෙලාවේ හිතන්න ඕන වුනේ නෑ.
"නැත්තන් මොනා කරන්නද"
ගේම නම් ගේම. ඒ තමා මගේ හැටි. කලින් බය වුනට දැන් එහෙම නෑ. මගේ සීමාව අයියා අද පැන්නුවා. ආයේ ඉතින් කලින් හිටිය අහිංසකී එයා ඉස්සරහට එන්නේ නෑ. අනික නවත්තන්න උගෙයි මගෙයි සම්බන්ධෙකුත් නෑනේ. මේ මිනිස්සුන්ට මොනා වෙලාද මන්දා. අකේන් කියනවා අයියගෙන් ඈත් වෙන්න කියලා. අයියා කියනවා අකේන්ගෙන් ඈත් වෙන්න කියලා. හොඳම දේ මම මේ දෙන්නගෙන්ම අයින් වෙලා ඉන්න එක තමයි..... ඉතින් මම දැනටත් ඉන්නේ එහෙමනේ......
"තමුසෙගෙ පවුල විනාස වෙනවා දකින්න කැමති නම් ඌ එක්ක නටපන්. හැබැයි එකක් මතක තියා ගනිම්, උබේ මේ හිතුවක්කාරකම නිසා එක්කෝ අපි මැරෙනවා නැත්නම් මම මිනීමරු......"
YOU ARE READING
Traid of Hearts
Misterio / Suspensoපරණ ස්ටෝරුවේ තිබ්බ පින්තාරුවේ සුදු රෙදිකඩ අයින් කරනවත් එක්කම තිබ්බ එකම ආලෝකයත් නැතිවෙලා ගියේ කහ බල්බේ වීදුරු කටුවක් මගේ මූණෙත් සීරුම් ළකුණක් ඉතිරි කරද්දි. "දඩස්...." මේසේ උඩ තිබුණ ටෝච් එක ගන්න යද්දි ස්ටෝරුවේ කෙලවරෙන් ඇහුන සද්දයක් නිසා ඒ දිහා බලපු මට...