✨ සයවැනි හමුව ✨

295 43 16
                                    

"රක්ත රෑ සිහිනයක - සැරිසරන කුමරියක විලස
කාල දුහුලින් වසාගත් සියොළඟ
සරාගයෙන් තොර වීම අරුමැසිය......"

කෝපි පාට කඩදහියක් උඩ ලේ තැවරුණු පිහාටුවක් කහ එළියෙන් දිලිසෙන, මූසල අඳුරු කාමරයක් ඇතුලේ මම හිටියේ මේස පුටුවට බරවෙලා කවුළුවෙන් පේන අමාවක අහස දිහා බලාගෙන. ඇත්තක් තමයි. හඳ නැතිදාට තරු දාහක් තිබ්බත් අහස හරි අඳුරුයි. ටික වෙලාවක් එහෙමම හිටපු මම හුනස්නෙන් නැගිටලා ගියේ බිත්තියක් පුරාවට අලවලා තිබුණ පත්තර කඩදහි දුසිම ළඟට. සත් සමුදුරින් එපිට හැඩවූ රුහිර ගංගා සතක තතු ළකුණු කළ රතු නූලින් රටා වැටුනු ලෝක සිතියමේ ප්‍රංශය ළඟ මගේ දකුණත නතර වුනේ වමත කලිසම් සාක්කුව තුළ සිර වෙද්දි.

"සිතින් ඔබ හා බැඳී
ගතින් ඔබගෙන් දුරක රැන්ඳී
ගෙවෙන සත්වන වසර අද......"

පපුව අස්සෙන් දැනුන හිරියක් නිසාවෙන් නෙතඟ කඳුලක් දඟකලත්, දොළහේ කණිසම වැදුන සැටියෙන් මම මගේ ගමන පිටත් දුනේ අන්දකාර බංගලාවේ බිම් කලාගාරය වෙතයි. උඩුමහලෙන් පහතට තබන සෑම පියවරකම මා දුටුවේ මගේ සිතුවමින් හැඩ වුන පිටරට ළමා කතා ගොන්නක්. Frozen......

Elasa සහ Anna කියන්නේ මම ඩිස්නි නිර්මාණවල ආසම කරන සහෝදර බැඳීමක්. ඇත්තටම අක්කට නංගියෙක් කියන්නේ පුදුමාකාර වටිනා බැඳීමක්. ඒතරම් බලවත් බැඳීමක් ඉදිරියේ ප්‍රේමය වුව පරදින බව මා තරම් දන්නා අන් කිසිවෙක් ඇතැයි මම නොසිතමි. ප්‍රංශ පාරාදීසයේ මා වැඩියෙන්ම ප්‍රේම කරන්නේ සිතුවම් සහ මූර්ති සඳහා වෙද්දි මවිසින්ම ගොඩනගන ලද කලාගාරය පිළිබඳ සිතට දැනෙන්නේ උණුසුම් හැඟීමකි. මේ බංගලාව මා මිලට ගන්නා කාලයේ යක්ෂයින් අරක්ගත් වාසලක් ඉදිවේයැ'යි ජේම්ස් පවා නොසිතන්නට ඇති. අවාසනවාකට වගේ අද ඔහු මෙලොව නැතත් ඔහුගේ බිරිඳ මේ බිම්මහලේ සිටී. දහසයවන පඩියෙදි මඳක් නැවතුන මම බලාසිටියේ Anna සහ Elsa දෙදෙනා එකිනෙකාගේ උරිස් මත්තේ හිස තබාගත් සිතුවමක් දිහාවෙද්දි මට දැනුනේ මේ ලස්සන ෆැන්ටසියේ නිර්මාතෲ විදියට පුදුමාකාර ආඩම්බරයක්.

Traid of HeartsWhere stories live. Discover now