✨ දහනමවන හමුව ✨

115 30 22
                                    

මම කන්නාඩිය පිහලා ආයෙත් දා ගත්තේ මට මම දකිනදේ විෂ්වාස නැති නිසයි.

"රොබරෝසියා..... මේ කාලේ....."

මම දන්න තරමින් රොබරෝසියා හැදෙන්නේ පෙබරවාරි - අප්‍රේල් කාල වල විතරයි. ඒකත් වියළි කලාපේ නැත්නම් නුවර පැත්තේ. මාතර මේවා හැදෙන්නෑනේ....

මම ටිකෙන් ටික රොබරෝසියා ගහ ළඟට ගිහින් විපරම් කලේ අර ගෑනු ළමයා ආගිය අතක් නොවෙද්දි. පෙඳ පාසි බැඳුන ලස්සන සොහොන් කොතකට හෙවන දුන්නු රොබරෝසියා ගහ හුළඟත් එක්කම තාලෙට නැටුවේ මගේ ඇඟට මල් වැටෙද්දි.

"හරි අමුතුයි........."

වෙනස්ම විදියකට හදපු සොහොන් කොතේ ලස්සන කැටයම් කීපයක්ම තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙනස්ම විදියකට හදපු සොහොන් කොතේ ලස්සන කැටයම් කීපයක්ම තිබුනා. ඒවා හරියට අපි බලන කාටූන් වගේ. ඊටත් වඩා ඒවා හරියට මම අඳින කාටුන් චිත්‍ර වගේ. මම වටපිට බලලා කවුරුත් පේන්න නොවෙද්දි ටික ටික ළං වුනේ පාසි වලින් වැහිලා ගියපු සොහොන් කොතේ මැද හරියේ තියෙන අකුරු බලන්න

උපත විපත
2004 2018
05 07
22 25

මම අමාරුවෙන් ඒ දේවල් කියවද්දි මට දැනුනා කවුරුහරි කෙනෙක් මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ. මම ඉස්සරහා බලද්දි මට පෙනුනා සෙමෙට්‍රි එකේ එහා පැත්තේ, ඒ කියන්නේ සල්මල් පෙදෙසෙ භූමිදානයක් කරනවා. පේන හැටියට ක්‍රිස්තියානි මරණයක්. මොකද හැමෝම කලු ඇඳගෙනයි උන්නේ. එතන හිටිය කලු ලෝගුවක් දාගත්ත මනුස්සයෙක් මගේ පිටිපස්සෙන් පේන දෙයක් එක්ක හිනාවුනා වෙද්දි මගේ උරහිසට කෙනෙක් අත තියනවා දැනිලා කලබලෙන් හැරෙන්න ගිහින් සොහොන් කොතට මගේ කකුල කැපුනේ පස් එක්කම කකුල ටිකක් ඇතුලට බහිද්දි.

Traid of HeartsWhere stories live. Discover now