සමහරු කියනවා ගොම්මන් වෙලාවට සොහොන් ළඟින් තනියම යන්න එපා කියලා. තව අය කියනවා ඔසප් දිනයන් කියන්නේ ගැහැනුන්ට මළ ගෙවල් වලට යන්න හොඳ නැති දවස්ලු. තවත් අය කියනවා එහෙම දවසට කෝවිල් යන එක කිලිලු. ඒ අතරේ තවත් පිරිසක් කියනවා හිත හිස් වුනාම, ආදරේ හැඟීම් පූදින්න ඕන කාලෙදි තනි වුනාම,ඒ හිත් අස්සට යක්කු රිංගනවලු....
ඔයා හිතන්නෙත් මේවා ඇත්ත කියලාද? මම නම් නෑ. මොකද අදටත් මම හිතන්නේ......
"තෙත් කලාපයේ අකීකරුව වැඩුන
රොබරෝසියා මල් අතුපතර
මූසල ගොම්මනේ මහ කනත්තෙදි පෙනුන
ලස්සන සුදු ගවුම පසුපස නොගියානම්....."මේ කිසිම දෙයක් සිද්ද නොවෙන්න තිබුනා කියලයි. අහඹු සිද්දි කීපයක් එක නූලකින් අමුනන්න නොගියානම් සත්තයි මේ මොකවත් නොවෙන්න තිබ්බා.
"එතකොට 666 ඉලක්කමට භාර වුන ඉරණම? ඒකත් අහම්බයක්ද?......."
- ප්රධාන චරිත -
✨ නුයාරා ස්ටෙෆනි විජේතිලක ✨
විජේතිලක පවුලේ එකම දුව. වැඩි කතාබහක් නැති, තමන්ගේ ජීවිතේ තමන්ටම ප්රහේලිකාවක් කරගත්තු කතාවේ ප්රධානම චරිතය. මෙයාගේ මානයෙන් තමා කතාවේ 99% ක්ම ලියැවෙන්නේ.
YOU ARE READING
Traid of Hearts
Misterio / Suspensoපරණ ස්ටෝරුවේ තිබ්බ පින්තාරුවේ සුදු රෙදිකඩ අයින් කරනවත් එක්කම තිබ්බ එකම ආලෝකයත් නැතිවෙලා ගියේ කහ බල්බේ වීදුරු කටුවක් මගේ මූණෙත් සීරුම් ළකුණක් ඉතිරි කරද්දි. "දඩස්...." මේසේ උඩ තිබුණ ටෝච් එක ගන්න යද්දි ස්ටෝරුවේ කෙලවරෙන් ඇහුන සද්දයක් නිසා ඒ දිහා බලපු මට...