✨ එකොළොස්වැනි හමුව ✨

265 41 16
                                    

"තාත්තේ බැක් ගේට් එකෙන් යමුකෝ.සුසා කැන්ටින් එකේ කිව්වා."

මම කියද්දිම තාත්තා යුනි එකේ බැක් ගේට් එකෙන් කාර් එක ඇතුලට දැම්මේ ෆ්‍රන්ට් එකෙන් ඇවිත් මට පයින් යන්න කම්මැලි නිසයි.

"කවුද අර බාස්කට් බෝල් ප්ලේ කරන උස හාදයා."

"මොන එක්කෙනාද තාත්තා. ටීම් එකේ ඔක්කොම උසයිනේ." මම කිව්වේ සීට් බෙල්ට් එක ගලවමින්.

"අපේ වාහනේ දිහාම බලන් ඉන්න අංක තුන"

තාත්තා කියද්දි මම බැලුවේ අපේ ඉස්සරහා බාස්කට්බෝල් ප්ලේ කරන ටීම් එක දිහා. අනිත් අය ප්ලේ කරද්දි ඒකා කන්න වගේ අපේ වාහනේ දිහාම බලන් ඉන්නවා.

"ආ... ඒ අකේන් කියලා සීනියර් කෙනෙක්."

"‍අකේන්... ඌව අදුරනවද."

තාත්තගේ අත් දෙක ස්ටයරින් වීල් එකට තද වෙනවා වගේ මට ලාවට පෙනුනත් එයාගේ මූණේ තිබ්බේ අසාමාන්‍ය නමුත් සාමාන්‍ය පෙනුමක්.

"ඔව් තාත්තා. ඒ අයියා යුනි එකේ ෆේමස් නිසා ඉතින් දැකලා තියෙනවා."

"මම ඇහුවේ කතා කරලා තියෙනවද කියලයි."
තාත්තා ඇහුවේ මගේ දිහා දෑස් හීන් කරලා බලමින්.

"දෙපාරක් කතා කළා. මම දවසක් කිව්වේ අර බාස්කට්බෝල් එකක් ඔලුවේ වැදුනා කියලා. එදා ඒ අයියා අතින් තමා ඒක වුනේ. තව දවසක් එයා ඇවිල්ලා චිත්‍රයක් ඇදලා දෙන්න පුලුවන්ද ඇහුවා. මම බෑ කිව්වා. ඊටපස්සේ ගියා."

අකේන්ට ගහපු එක මේ වෙලාවේ තාත්තට කියන්න නොගියේ තාත්තාගේ ලොකු වෙනසක් දැනුන නිසයි.

"ආයේ ඌ එක්ක කතා ඕන නෑ."
තාත්තගේ ස්වරය දැඩියි.ඒත් ඇයි.

"ඒත් තාත්තේ යුනි එකේ කෙනෙක් නිසා කතා කළොත් කතා කරන්න වෙනවනේ."

"එහෙම හැම මනුස්සයා එක්කම කතා කරන්න ඕනේ කියලා නීතියක් නෑ නුයාරා. තමුන්ගේ පාඩුවේ ඉගෙන ගන්න ආවා නම් ඒක කරගෙන ඉන්නවා. මම නොකිව්වා කියන්න එපා. ඒ වගේ නසරාණියො එක්ක ගනුදෙනු ඕනේ නෑ. දැන් යනවා."

තාත්තාගේ ටෝන් එකෙන්ම මට තේරුණා මේක එයාගේ ෆස්ට් ඇන්ඩ් ලාස්ට් වෝනින් එක කියලා. ඒත් පුදුමයි.තාත්තමයි මට කියන්නේ මනුස්සයෙක් පිටින් බලලා මනින්න එපා කියලා. අනික එයා කතා කරන්නේ අකේන් ගැන හොදට දන්නවා වගේ නේ. අකේන් අරුණෝද් ද සිල්වා කියන්නේ වේප්,සිගරට්,ලිකර් එක්කම ගෙවන ජීවිතයක්. දන්න තරමින් මිහිහගේ තාත්තා ලොකු බිස්නස්මන් කෙනෙක්. ඒ පවුල් ඇවිල්ලා අපිට ගැළපෙන තැන් නෙමි කියන්න දන්නවා උනත් තාත්තාගේ හැසිරීම අසාමාන්‍ය විදියට අමුතුයි කියලයි මට හිතෙන්නේ. මෙතන මොකක් හරි හොරයක් තියෙනවා. මිස්ටර් තිලකේ මට හංගන්නේ මොනාද කියලා ඉක්මණටම හොයාගන්න වෙයි.

Traid of HeartsWhere stories live. Discover now