"නෑ..... මම අකේන්ට පොඩ්ඩක්වත් ආස නෑ. ඒ මනුස්සයා දැක්කම මට තරහා යනවා."
"ඇයි ඒ..."
"හේතුවක් නෑ. ඒත් දැක්ක පළවෙනි දවසේ ඉඳන් එහෙමයි."
"ඒ ඔයා හිතන හැටි. ඒත් ඇත්ත ඊට හුඟක් වෙනස්නේ."
"ඒ කිව්වේ. මට තේරුනේ නෑ."
මම අයියා දිහා බැලුවේ එයාගේ කතාව මට නොතේරුන නිසයි. මොන ඇත්තක්ද. මේ මනුස්පයා මගේ ඔළුව විකාර කරනවානේ.
"ඒ දේ තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා සුදූ. ඔයා ඒක තේරුම්ගත්ත දවසකට මාව පිස්සෙක් වෙයි."
අයියා කෝටු කෑල්ල විසික් කරලා දාලා ඈත අහස දිහා බලාගෙන බර කල්පනවකට වැටුනේ මගේ ඇස් එයාගේ මූණ පුරා දශමයක් නෑර විපරම් කරද්දි. ඇයි අයියේ ඔයා මෙහෙම. මොනවද ඔයාට අද වෙලා තියෙන්නේ.....
"ඇත්තටම ඇයි අයියේ ඔයා එහෙම දෙයක් ඇහුවේ."
"තිවේන් ඔයාගේ රියල් මිනිහා නිසාම ඔයා BW ඩේටා ඕෆ් කරනවා කිව්වම මට මතක් වුනේ අකේන්ව."
"එදා මම ඩේටා ඕෆ් කලා නෙමිනේ අයියේ. මම අකේන්ව බ්ලොක් කරලමයි දැම්මේ."
"ඔයා අකේන්ව අන්බ්ලොක් කරන දවසක් එයිද සුදූ..."
"කවදාවත් නෑ."
.
.
.
.
.ඔලුව විකාර කරවපු පැය කීපයකට පස්සේ අපි ගෙදර ආවම අයියා අරුන් දෙන්නව උස්සන් ගිහින් ඇදෙන් දැම්මේ ලී කොට දෙකක් විසික් කරනවා වගේ. ඔක්කොටම වඩා අප්‍රසන්නම දේ තමයි තිවේන් වමනේ දාපු එක. ඒකත් දැම්මේ මගේ ඇඳයි අයියගේ ස්ලීපින් මැට්රස් එකයි දෙකම විනාස වෙන විදියටනේ.
පව් අනේ අයියා, මුන් දෙන්නගේ විගඩං නිසා ඒ මනුස්සයට නිවනක් නෑ. මමයි අයියයි කාමරේ හෝදලා ෂීට් එහෙමත් මාරු කරලා මගේ කාමරේට ගියේ අරකේ ඉන්න බැරි නිසයි. ඒත් ඉතිම් අර මෝඩයා මෙට්ටෙ වමනේ කරපු නිසා අයියට අද නිකන්ම තමා බිම ඉන්න වෙන්නේ. සීතල පොළවේ එහෙම ඉන්න බැරි නිසා අයියා එක්ක මම ඇද බෙදාගත්තා. මට තිබ්බේ කින්ග් සයිස් ලොකු ඇදක් නිසා තුන්දෙනෙකුට උනත් ඉන්න පුලුවන්. අයියා එයාගේ පාඩුවේ අයිනේ නිදාගත්තේ මට බිත්තිය පැත්ත දීලා.
YOU ARE READING
Traid of Hearts
Mystery / Thrillerපරණ ස්ටෝරුවේ තිබ්බ පින්තාරුවේ සුදු රෙදිකඩ අයින් කරනවත් එක්කම තිබ්බ එකම ආලෝකයත් නැතිවෙලා ගියේ කහ බල්බේ වීදුරු කටුවක් මගේ මූණෙත් සීරුම් ළකුණක් ඉතිරි කරද්දි. "දඩස්...." මේසේ උඩ තිබුණ ටෝච් එක ගන්න යද්දි ස්ටෝරුවේ කෙලවරෙන් ඇහුන සද්දයක් නිසා ඒ දිහා බලපු මට...