සතියකට පස්සේ සිකුරාදා උදේ මම යුනි එකට ගියේ ඩ්‍රාමා අසයිමන්ට් එක තිබ්බ නිසයි. මම තමයි මේ විකාර ස්ක්‍රිප්ට් එක ලිව්වේ. ප්ලොට් එකේ හැටියට මම තමා රහස්පරීක්ෂක පාකර්. ජොන්සන් කියන මිලියනපතියව මරපු මිනීමරුවා තමා අපිට හොයන්න තිබ්බේ. මේකත් ඇවිල්ලා අර හොරාගේ අම්මගෙන් පේන අහන විදියේ සීන් එකක්. මොනා වුනත් මේ ඩ්‍රාමා එකට මට කොල්ලෙක්ට අදින්න වෙන එකනම් පොඩ්ඩක් අවුල් වගේ. රැව්ලකුත් දාන්න එපැයි....
ඩ්‍රාමා එක කරලා ඉවර වෙද්දි හවස පහ වගේ වුනත් වැස්ස නිසා රෑ හත වෙනකනුත්, ට්‍රාන්ස්පෝට් නැතුව මම යුනි එකේ හිරවුනේ එමී එක්ක. අද හාරුන් අයියා නැන්දම්මයි ලව් එකයි එක්ක නුවර ගිය නිසානේ මේ සේරම. හම්නේ බලන්න ඉතින් ඒ ආතරේ.....
"වැස්ස අඩුවෙන පාටක් නෑ ටෙෆී."
"pickme, uber, kangaroo මොකුත් කනෙක්ට් වෙන්නේ නෑ. මීටර් ටැක්සි එකක්වත් නෑනේ."
"එක්කෝ අපි බස් එකේ යමුද."
"පිස්සුද ඔයාට. බස්වල සෙනග ගොඩක් ඉදී. අනික මහරගමට යන්න පැය ගානක් යයි. දැනටත් හතයි වෙලාව."
📲........ලොකු අයියා is calling........
"හෙලෝ අයියේ."
"කොහෙද ඉන්නේ."
"මම තාම යුනි එකේ. අපිට එන්න විදියක් නෑ. ඇප්ස් වැඩ කරන්නෙත් නෑ. මීටර් ටැක්සිත් නෑ."
"කවුද තව ඉන්නේ."
"එමීනා ඉන්නවා."
"අපි දැන් හයිවේ එකේ ගාල්ලේ යන ගමන්. රනුක් බලන්න ඕන කියලා අම්මලත් ආවා. ෂේනා එයි ඔයාව ගන්න. යාලුවවත් මහරගමින් දාන්න කියන්නම්."
"හරි අයියේ."
මේ වෙලාවේ හැටියට හිකනලෙක් නෙමෙයි දිය රකුසෙක් වුනත් කමක් නෑ. මට ඕනේ කොහොමහරි මෙහෙන් යන්න. අද උදේ ඉදන් අකේන් ඉන්නේ මාව මරන් කන්නවගේ. සුසාත් තාත්තා එක්ක ගෙදර ගියා. එමී මේ දේවල් දන්නෙත් නැති නිසා පුලුවන් ඉක්මණට යුනි එකෙන් යන්න ඕන.
YOU ARE READING
Traid of Hearts
Bí ẩn / Giật gânපරණ ස්ටෝරුවේ තිබ්බ පින්තාරුවේ සුදු රෙදිකඩ අයින් කරනවත් එක්කම තිබ්බ එකම ආලෝකයත් නැතිවෙලා ගියේ කහ බල්බේ වීදුරු කටුවක් මගේ මූණෙත් සීරුම් ළකුණක් ඉතිරි කරද්දි. "දඩස්...." මේසේ උඩ තිබුණ ටෝච් එක ගන්න යද්දි ස්ටෝරුවේ කෙලවරෙන් ඇහුන සද්දයක් නිසා ඒ දිහා බලපු මට...