📌📌 A/N 15 කොටසෙ update නොටිෆි ගිහිං තිබුණෙ නෑ...කීප සැරයක් public කරත් හරි ගියේ නෑ..මඟ ඇරුණු අය බලන්න හොඳේ....
~~~ මතක~~~
"මේ කුමාරේ.."
"ම්ම්.."
" උඹෙ කොල්ලා ලොකු වෙලා අපේකාව කසාද බඳිනවා කියන්නේ..."
"ම්ම්..මාත් අහගෙන.."
"කව්ද බන් ඕවා පොඩි එකාගේ ඔළුවට දැම්මේ.."
"කව්ද දන්නේ ඉතිං කොල්ලටම හිතුණද දන්නේ නෑ..."
"අනේ නිකං හිටපන් ඔය පොඩි එකාට එච්චර හරියක්..."
"හරි හරි මෙහෙමයි එදා අර නදිකගෙ වෙඩින් එක දවසෙ කොල්ලා ඇහුවා ලොකු උණාම එයාට කසාද බඳින්න කෙනෙක් තෝර ගන්නෙ කොහොමද කියලා.."
රෑ කෑමෙන් පස්සෙ අප්පච්චියි ,කුමාර මාමයි අපෙ ගෙදර කෑම මේසෙ වාඩිවෙලා හවුලේ පේපර් වගයක් බලන ගමන් ඉද්දී අත පය දිග ඇරලා හිරි ඇරපු අප්පච්චි ජානුයි මං ගැනයි කතා කරන්න ගද්දී එතනම එහායින් ලොකු පුටුවේ වාඩිවෙලා ගණන් වගයක් හද හද උන්න මාත් යාන්තං ඔලුව උස්සලා ඒ දිහා බැලුවා..ජානුත් කුරුටු බලි ඇද ඇද ඉද්දි දිග පුටුවේ මං ළඟින්ම නින්ද ගිහිං...
"ඉතිං.."
"ඉතිං මන් කිව්වා ඔයත් කැමැති ඔයාටත් කැමැති කෙනෙක්...ඔයත් ආදරේ ඔයාටත් ආදරේ ඔයාව හොඳට බලාගන්න කෙනෙක්ව කසාද බඳින්න පුළුවන් කියලා."
"ඊට පස්සෙ.."
"ඊට පස්සෙ ඉතිං එතකොටම පොඩී ආවා එතන්ට
..අපෙ එකා කන්න වගේ පොඩී දිහා බලන් ඉඳලා ගත් කටටම කිව්වා ඔහොම කෙනෙක්ට මට ඉන්නෙ පොඩි තමා එහෙනම් එයාව තමා මට බඳින්න වෙන්නේ කියලා...එදා ඉතිං ඔය මඟුල් ගෙවල් අස්සෙ
ඔය ගැන ආයි කතා කරන්න බැරි උණා...දැන් ඒක අල්ලන් ඔය කියවන්නේ..."
"ආ ඒකහරි...මේ පොඩි උන්ගේ විහිලුනම්..."
"විහිළු......."
ඒ දෙන්නට මං මෙතන උන්න එක අමතක වෙලා වගේ... කොහොමහරි ජානුගේ මේ පිස්සු වැඩ වල පටන් ගැන්ම ගැන දැනුයි මාත් දැන ගත්තෙ..කොහොම උණත් ජානුට ඒ වගේ වෙලාවක මාව මතක් උණ එක ගැන හිතට සතුටක් දැනෙද්දී මං පොඩි කොකෝ බනිස්ගෙ ඔලුව අත ගාලා නින්දෙන් හිනාවෙන බටු ඇටේ එක්ක හිනා උණා..
YOU ARE READING
💔 මුලාවේ සරදම් 💔 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Ongoing - 💚
Romance🥀 මවයි රූ රටා අඳුරේ සැඟ වී... සුපුරුදු බවක් හදවතේ දැනුණි... හිතුවෙ ඔබ මා මනසින් රහසින් අමතක වී ඇති කියා.... නොකියා ඇවිදින් නොසිතු ලෙසින් මා ඔබ ගැන සිහි කලා..🥀 Start -2024/04/06