"දැන්නම් පොඩි සර් හරිම සතුටින් වගේ ඉන්නේ...."
"ම්ම්...."
"ඉතින් මොකෝ දැන් ගෝලයෝ ගුරාව පරිස්සමට බලාගන්නවද..."
"ම්ම්...ම්ම්...
"දැන් ගෝලයෝ එක්ක වල් පල් කියවලා අපිත් එක්ක කතා කරන්න වචන නෑ වගේ පොඩි ගුරාට...."
"ම්ම්ම්...ම්ම්ම්ම්...."
අද හවස මං ආෆ්ටර් ස්කූල් ලමයි තියා ගත්තේ නැති උනත් උපේකා ටීච ලමයි ටික තියා ගත්ත නිසා ගොඩ දවසකට පස්සෙ මහ පාලුවකින් හිත පුරවන් තනියම නිවාසෙට ආපු මං කපටිකමක් හිතේ තියන් අද කලින්ම රෑට උයලා ඉවර කරලා එහෙමම නා කියාගෙන එක්කෙනෙක් එනකන් හොරගල් ඇහිලුවා...හතර හමාරත් පහුවෙද්දි මිනුර ඇවිත් දොරවල් අරින සද්දෙට කන් දීගෙන ඉදලා හෙමින් සීරුවේ පල්ලම් බැහැලා ඇවිත් අඹ ගහ යට සිමෙන්ති බංකුවේ ඉදගෙන වීඩියෝ කෝල් එකක් අරන් අක්කි සුදූ එක්ක මලක් කඩන්න ගත්තූ මගෙ ඇස් ටික වෙලාවකට පස්සෙ අහම්බෙන් වගේ මිනුරගෙ කාමරේ බැල්කනියේ දැකපු දෙයක් ලග නැවතුනා...
අද සිකුරාදා..මිනුරගෙ බත් අම්මා වෙලා දවස් 5ක් ගෙවිලා ගිහින් තිබුනා...එදා මුල්ම දවසේ කොහොමින් කොහොමින් හරි කොල්ලා මගෙ බත් එක බාර ගත්ත නිසා මං හිටියේ ගොඩක් සතුටින් උනත් එදා හවස ආෆ්ටර් ස්කූල් ඉදලා ආපහූ එන ගමන් රෑට එයාටත් එක්ක උයන්නද අහද්දි එකපාර යාලුවන්ව මග ඇරලා එන්න බෑ එයා යාලුවන්ට කියනකන් ඉදලා ටික දවසක් පහුවෙලා එයාටත් එක්ක රෑට උයන්න කියද්දි හිත රිදුනත් එයාගේ හේතූ සාදාරන නිසා මං එයා එක්ක එකග උනා...
ඉතින් ඒත් පහුවදා ඉදන් උදේට වෑන්ජන දෙක තුනක් එක්ක මගෙ උපරිමේ එක්ක එයා වෙනුවෙන් බත් පාර්සලයක් මං ලෑස්ති කරේ ගොඩක් ආසාවෙන්...
"කාලා එන්න..මං ලෑස්ති වෙලා එන්නම්...."
"ඒත් මං ඔහෙට එන.."
"උදේට එහෙට මෙහෙට මාරූ වෙන ගියොත් යන්න පරක්කු වෙනවා...මං කෑවා... කාලා එන්න..."
ලගින් ඉන්න ඕනා උනත් ඒ තරමටම දුරින් ඉන්නත් ඕනා වෙද්දි ..කොල්ලා එක්කම කන්න ආසාව තිබුනත් පහුවදා උදේ කලින්ම උයලා ඉවර උන මං හය හමාරටත් කලින්, ඇදුම් ඇදලා ලෑස්ති වෙන්නේ නැතිවම බත් පිගානකුත් බෙදන් ගිහින් කොල්ලාගෙ දොරට ගැහුවා...
YOU ARE READING
💔 මුලාවේ සරදම් 💔 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Ongoing - 💚
Romance🥀 මවයි රූ රටා අඳුරේ සැඟ වී... සුපුරුදු බවක් හදවතේ දැනුණි... හිතුවෙ ඔබ මා මනසින් රහසින් අමතක වී ඇති කියා.... නොකියා ඇවිදින් නොසිතු ලෙසින් මා ඔබ ගැන සිහි කලා..🥀 Start -2024/04/06