"මේ ඔය දෙන්නා එන්නකෝ...මනමාලයා එනකං ඔය කපල් එකේ ෆොටෝ ටිකක් ගමු.."
"ඔයා අද හරි ලස්සනයි අනේ...හැන්ඩ්සම් කියලා දන්නවා උණාට මේ තරම් හැන්ඩ්සම් කියලා දන්නෙ අදනේ.."
"හ්ම්.."
"මං ලස්සන නැද්ද අනේ..."
"ආහ් හොඳ.යි..අවුලක් නෑ.."
ඔන්න ඕවාට තමා කියන්නේ උනොත් ඔය වගේ දෙයක්මයි කියලා....මේ වෙලාව කියන මඟුල අපිත් එක්ක පුදුමාකාර විහිළු තමා කරන්නේ මොනා උණත්....
ඉතිං අද මැයි මාසෙ මැද දවසක්...මේ විභාගේ කට ළඟ...ඒත් ඉතිං හිතවත්කමට බෑ කියන්න බැරි කමට මගේ ගෝලයාවත් ඉස්සර කරන් මං මඟුල් කන්න ආවා...හැබැයි ඉතිං මොන මඟුල කන්නත් ආවෙ මඟ ඇරෙන දවසෙ වැඩ ඔක්කොම සතියක් දෙකක් තිස්සේ ටික ටික මිනුර ලවා සම්පූර්ණ කරලාම තමා...ඒ නිසා ඉතිං මේ දවස අපි දෙන්නම නිදහස්...
ඒක නෙමෙ හොඳම වැඩේ...අර භානුකලා සාරිකාවක් ගැන කියද්දි මං නම් පොඩ්ඩක්වත් වොරි උණේ නෑ...භානුකලා කියපු විදිහට මිනුරට දිලා තිබුණ මනමාල පෝස්ට් එක ඉල්ලගන්න මට කොහොමවත් උවමනාවක් තිබුණෙත් නෑ...මොකද මොන සාරි ගප්පියෙක් ආවත් මගේ එකාව මට විස්වාසයි...
ඒත් ඉතිං භානුකලා ඔය මඟුල ගැන කියලා කට ගන්න නෑ... පහුවදා මගේ ඔලුවට පහත් උණේ මරු තොප්පියක්...ජානුකගෙයි ගණිදුගෙයි රහස් කතාවෙ ප්‍රතිපල නිසා හෝ වෙන හේතුවක් නිසා ගනිදුට ඔය post එක භාර ගන්න බෑ කියලා පසන් අයියාට දැනුම් දීලා තියෙද්දී පසන් අයියාගේ ඊළග ඉලක්කෙ උණේ මාව...
ප්‍රතික්ෂේප කරන්න බැරි කමටත් වඩා , ඒක ඇහුවා විතරයි මිනූර අර දියට දාපු ඉබ්බා වගේ වෙද්දී..කොල්ලට මං ඒ post එක භාර අරන් එයා එක්ක හවුලේ මනමාලයෙක් කරගන්න ඕනා උණ නිසාම මට මිනුර එක්ක පසන් අයියාගේ දෙවෙනි මනමාලයෙක් වෙන්න උණා...
වැඩේට ඒ තරම් කැමැත්තක් නොවුණත් ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් මිනුර වෙනුවෙන් සාරිකා ළඟ හිටගන්න පුළුවන් උණ එක ගැන පහුවෙලා මාත් උන්නේ සතුටින්....
පෙරළෙන පිට හොඳයි... හොඳම හොඳා.....යි.....මිනුර පසන් අයියා එක්ක සැලුන් එකේ නතර වෙද්දී , කලින්ම සුට් බූට් ඇඳලා ටයි කෝට් දාලා මලකුත් ගහලා හැඩ උණ මං ෆොටෝ ශුට් එකට ඒ ළඟ තිබුණ පාර්ක් එකට ගිහිං උන්න මනමාලිව බලන්න ගිය නඩේ එක්ක කලින්ම පිටත් උනේ එහෙම හිතන ගමන් ගැම්මෙන්...මගේ අරමුණ උණේ මිනුරට කලින් ගිහිං අර සාරිකාවගෙ අත ගන්න එක...
YOU ARE READING
💔 මුලාවේ සරදම් 💔 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Ongoing - 💚
Roman d'amour🥀 මවයි රූ රටා අඳුරේ සැඟ වී... සුපුරුදු බවක් හදවතේ දැනුණි... හිතුවෙ ඔබ මා මනසින් රහසින් අමතක වී ඇති කියා.... නොකියා ඇවිදින් නොසිතු ලෙසින් මා ඔබ ගැන සිහි කලා..🥀 Start -2024/04/06