💔~~~ මුලාවේ 21~~~💔

579 87 121
                                    

එදා සිකුරාදා රෑ අහම්බෙන් ලැබුන අවස්තාවත් එක්ක එකට බත් කාලා කොල්ලා යන්න යද්දි මොකක්දෝ මගුලකට බයවෙලා phone  එක බිම වට්ටන් ස්ක්‍රින් එකේ මකුලු දැලක් බැද ගත්ත එක විතරයි..එවෙලෙ හිත ගැස්සුන පාරට ගල් උනත් මොන මගුල හරි ඒ චායාව කිට්ටුවට එන්න කලින් phone එක ඇහිද ගත්ත මං කොහොමින් හරි ඇතුලට ඇවිත් දොර වහ ගත්තා...

පොඩි දේටත් බයවෙන හිතක් තිබුනත් මං හොල්මන් අවතාර විස්වාස කරන එකෙක් නෙමෙයි කොහොමත්...එහෙම දේවල් ඇති...ඒත් මං හිතන්නේම හොල්මන් කියන්නේ හෙලවෙන මනසට කියන තියරිය විස්වාස කරන කෙනෙක්...ඒත් පොඩි කාලේ මූන දෙන්න උන වයසට ඔරොත්තු නොදෙන සිදුවීම් නිසාම මට තිබුනේම හරි ඉක්මනින් ගැස්සෙන හිතක්...ඒ නිසාම ඒ වගේ අවස්තාවල් වලදි මං මාවම පරිස්සම් කර ගන්න නිතරම උත්සාහ කරා...

එදා රෑ අදුරේ මට විස්වාසයි ඒ දැක්කෙ මොකක් උනත් මනුස්සයෙකුගේ හැඩ හුරු කම ඒ චායාවේ තිබුනා..ඒ චායාව ගස් අතරින් මතුවෙද්දිත් මං උන්නේ අර නූලත් වෙද සීයා කියපු විකාර කතාවල සිහියෙනුත් නිසාදෝ දැකපු දේ නිසා එකපාරම හිත ගැස්සුනත් මං ඉක්මනින් සිහියට එන්න උත්සාහ කරා....කොහොමින්හරි ඒ මනුස්සයෙක් නම් ඒ කෙනා ආවේ දුවගෙන...අනික් අතට මනුසයෙක්නම්...මේ රෑ ඒ කෙනා අත ඇරලා දාපු නිවාසේ දිහාවෙ මොනා කරාද ඒ වගේ දුවන් ආවේ ඇයිද කියන එක ප්‍රස්නයක්...

උනේ මොන මගුලක් උනත් මේ ගමක් ඇතුලේ රෑවෙලා ඉස්කොලේ වත්තට පනින්න උවමනාව තිබුන හොරෙක් මංකොල්ල කාරයෙක් බැරි නම් කසිප්පු කාරයෙක් හරි මොකෙක් හරි ඉන්න බැරි කමක් නෑ කියලා...තාමත් මෙහෙට අලුත් උන මට..ඔය අහක යන මගුල් වලින් වැඩක් නැති නිසා මග ඇරලා ඉන්න එක හොඳයි කියලා ඇතුලට ඇවිත් වහලා දාපූ දොරට පිට දීගෙන වේගෙන් හුස්ම ඇර ඇර මං මටම තේරුම් කරන්න උත්සාහ කරා...

කොහොම උනත් ගැහෙන පපුවට අතකුත් තියන් කාමරේ අහුමුලූ අවුස්සලා ඔහේ අත ඇරලා දාපූ වෙද සියා දුන්න තෙල් කුප්පිය හොයන් ගාන්න උපදෙස්  දුන්න විදිහට ඔලුවේ ,කිහිලි වල ,ඉකිලි වල,බෙල්ලේ,බඩේ ,කන් පිටිපස්සේ එහෙම විතරක් නෙමෙ තෙල් ටික ඔක්කොම ඉවරවෙනකන් මුලූ සර්වාන්ගේම උලාගෙන පිරිතුත් දාලා... ලයිට් එකත් දාලා තියෙද්දිම ඔලුවේ ඉදන් වහ පොරවන් ඇදේ ගුලි උනේ ඇයි කියන්න මටම හිතා ගන්න බැරි උනා....

💔 මුලාවේ සරදම් 💔 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Ongoing - 💚Where stories live. Discover now