💔~~~ මුලාවේ ~~~17 💔

570 95 96
                                    


"මිනුර...!! ඔහොම ඉන්න.."


ස්ටාෆ් රූම් එකේ දොරත් වහගෙන මිනුර ආපිට හැරිලා යද්දී එකපාර පපුව අස්සෙන් ආපු රිදිල්ල එක්ක ජානුකට ඔහේ බලන් ඉන්න දීලා මිනුර පස්සෙ එළියට දිව්ව මං අඩියට දෙකට පඩිපෙළ බහින ගමන් උන්න කොල්ලගේ අතින් ඇදලා බොහොම අමාරුවෙන් නතර කර ගත්තා...


"....ද...දරුවෝ මං..එයා..ජානුක එක්ක...නෑ මේ...නිකං...මේ සොරි.."


මිනුරගෙන් සමාව ගන්න ඕනා..උණ වැරදි හදාගන්න ඕනා...ඒ ඔක්කොම තියෙද්දි ජානුක එක්ක අත් පටලන් උන්න එකට හේතු දක්වන්න තරම් මගේ හිත බොළඳ වෙලා...


කථා කරන්න විසඳ ගන්න ප්‍රස්න දහසක් තියෙද්දී.. ඒ ඔක්කොම අමතක වෙලා...තව ළමයෙක් එක්ක කථා කර කර උන්න එක ගැන ළමයෙකුටම හේතු දක්වන ගුරෙක්...!!


තරුක උඹට මොන යකෙක් වැහිලද බං.....


පහල පඩියක ඉදන් උඩින් උන්න මගෙ මූණ දිහා බලපු මිනුරගෙ බැල්ම, ඕනවාටත් වඩා තදින් ඒ අත අල්ලන් උන්න මගේ අතටත්...මගේ අනික් අතේ තාමත් හිරවෙලා තිබුණ ජෑම් බෝතලේ ළඟටත් මාරු වෙලා මොනාද කියන්න හදන්නේ අහන්න වගේ ආපහු මගෙ මූණට එද්දි...මං කරන්න ගිය හේතු දැක්විල්ල මටම විකාරයි වගේ දැණෙද්දී..ඊට එහා කතා කරන හැටියක් එකපාර හිතා ගන්නත් බැරි වෙද්දී මං ඒ අත අත ඇරලා ආපිට එන්න හැරුණා...


"දවල්ට මං එක්ක යං.."


"....ඈ... හ්...ආ.. හ... හරි හා..."


නෑ ඉතිං...හැරුණාට යන්න උණේ නෑ...ආපිට මට යන්න නොදී කොල්ලා මගේ නිදහස් අත මැණික් කටුව ළඟින් අල්ල ගන්න ගමන් කියද්දි එකට පැටලුන අත් වලටත් හිනා පොදක් නැති ඒ මූණටත් ගිය බැල්ම එක්ක කියපු දේ ඔලුවට දාගන්න ටික වෙලාවක් යද්දි මං ගොත ගැහුවා...


හරි ඉතින් තනියම කතා කරන්න ඕනා කිව්වනේ...ඒත් ඉතිං යන ගමන් මොකද...දැන් උණත් බැරි නෑනේ....

💔 මුලාවේ සරදම් 💔 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Ongoing - 💚Where stories live. Discover now