❤️~~~ මුලාවේ...41~~~❤️

298 49 170
                                    

📌📌 මුල මතක් කරගන්න ඕනා අය... 2,3,4,5 කොටස් ටික බලන්න හොඳේ...පොඩීගෙ pov එක එක්ක ගලපන් කියවද්දී වැඩිපුර දැනෙයි මේ කොටස්...😊❤️💚

~~~ මිනුර POV ~~~

රමණීයයි මේ මධුර ජවණිකා....

හරි ලස්සන දවසක්....ආයි ඉතිං කියන්න වචන නෑ....පණ්ඩිතකමට මගේ ආදරණිය හිටපු ගුරුතුමාගේ වන්ඩියත් අරන් එළියට බැස්සට මොකෝ...මඟදි පණ ටික ගියේ නැති එක විතරය....

කොහොමහරි..ගුත්තිලයාටම විතරක් ඇයි...මූසිලයාටත් තැනක් දෙන්න ඕනනෙ...ඉතිං ඔන්න මාත් ආවා ඔයාලව බලන්න....

අලි වැස්ස පටන් ගන්නකොට....මඟට ඇවිත් පැය භාගයක් විතර යන්න ඇති වෙද්දී...කොහෙට ගියත් නසී නිසා මං ආපු ගමන ආයි හැරෙන්නේ නැතිව වැස්සෙම දිගටම එන්න ආවා...

නුවර මහියංගණේ පාරෙ වංගු වංගු හැරි හැරි එද්දී..වැස්සේ සැරටම පාර නොපෙනෙද්දී මට සෑහෙන වෙලා මඟ නතර වෙන්නත් උණා...ඒ ඔක්කොමත් හරියන්න ගමනෙන් වැඩි දුරක් ඇවිත් තෙල් ගහන්න දැම්මාමයි දෙලෝ රත් උණේ...

උඩ දාන් ආවට මොකෝ...සල්ලිකාර ගුරු පියාණන්ගේ පොකට් එකට විදින්න අමතක් උණ එකට පිං සිද්ද වෙන්න සෙඩ් එකට ආපු අංකල් කෙනෙකුට වයිෆ්ට ළමයා හම්බවෙන්න හොස්පිට්ල් කියලා බොරුවකුත් ඇද බාලා පිනට තෙල් ගහන් යන්තන් ගම් පළාතට ගොඩ බැස්සා තමයි....

ඇයි ඕයි මටම...කියවෙන්න...ගෙදර පේන මානේදිම ඊයේ පෙරේදා පාරෙ වළවල් වහන්න පැලස්තර විදිහට දාපු පස් ගොඩේ ලිස්සලා ගිය මං... වැටුණාට වේගෙන් නැගී සිටියෙ තැලුණ සීරුන මඩ ඌරෙක් වගේ වෙද්දී සංසාරේම එපා වෙද්දී ඉතිරි ටික දුර බයික් එකත් තල්ලු කරන් මිස්ටර් බණ්ඩාරගේ වාස භවනට සැපත් උණා....

වැලමිට තුවාල වෙලා දනිහත් මොකක්දෝ උණා තමා...හොටුත් ටිකක් ගලද්දී ඔළුවත් යාන්තං රිදෙනවා තමා.....

ඒත් ඔය ඔක්කොම ඉවසත හැකි...ඒත් හොරෙන් උස්සන් ආපු පොඩීගෙ ලයන් කින්ග්ට වෙලා තිබුණ අලාභේ දකිද්දී....ඊයෙ මේ බයික් කට්ට හෝදද්දිත් දීපු වර්ණනාව මතක් වෙද්දී මට හික් ගෑවුණා....

උදේ එළියට දාද්දීත්....ලයන් කින්ග් විතරක් නෙමෙ මාත් සිංහ පාටට හිටියා තමා....ඒත් පැය දෙකෙ ගමනට පැය 4කටත් වඩා වැය කරලා... අපෙ ගෙදර ස්තෝප්පුවට ගොඩ වෙද්දී බලු පාටක්වත් උන්දගේ තියා මගේවත් තිබුණෙ නෑ...

💔 මුලාවේ සරදම් 💔 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Ongoing - 💚Where stories live. Discover now